2020 උසස් පෙළ වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථමයා වූ අමන්දිට SLIIT වෙතින් පූර්ණ ශිෂ්‍යත්වයක්

20 හැවිරිදි අමන්දි මදනායක සෑම විටම සාර්ථකත්වයන් අත්පත් කරගැනීම සඳහා ලොකු විශ්වාසයකින් කටයුතු කරයි. ඇයගේ ජීවිතයේ ඉලක්කය වන්නේ වෘත්තිකයන් සඳහා ඔවුන්ගේ දියුණුවට උපකාර වන ව්‍යාපාර ක්ෂේත්‍රයට අයත් නව සංකල්ප ගෙන එන වෘත්තීය කථිකාචාර්යවරියක වීමය.

ඇයගේ අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා ඇය ඇගේ ගමන ගැන හොඳින් සිතා බලා ඇත. ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය සාමාන්‍ය පෙළ විභාගය සඳහා A සාමාර්ථ 9ක් ලබා ඇති අතර, 2020 අ.පො.ස උසස් පෙළ විභාගයේ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත් වූවාය. උසස් පෙළ විභාගයේදී ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය සහ තොරතුරු තාක්‍ෂණය යන විෂයන් යටතේ ඇය විශිෂ්ඨ ලෙස දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගත්තාය.

අමන්දි අහංගම ඉමදූව ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය. දැනට විශ්‍රාම ගොස් සිටින ඇයගේ දෙමාපියන් මීට පෙර ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කර ඇත. අමන්දිගේ වැඩිමහල් සොහොයුරා ද දැනට ඉංජිනේරු අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරනු ලබයි.

ඇය සාර්ථකත්වය කෙරෙහි දැඩි අධිෂ්ඨානශීලීව, වාණිජ විෂය සඳහා වූ ආශාව ඇතිව කටයුතු කළාය. ”ඇතැමුන් මට ජීව විද්‍යාව, ගණිතය වගේ විෂයන් කරන්න කියලා කිව්වට මට ඒකට ආසාවක් තිබුණේ නැහැ. වාණිජ විෂය හැදෑරීමට මගේ ආශාව බොහෝ කලකට සිට තිබූ දෙයක්.” ඇය පවසන්නීය.

දැනට ඉගෙනුම ලබන සිසුන්ගේ විභාග කටයුතු වෙනුවෙන් ඇය ලබාදෙන උපදේශය මෙසේය. ”මම මා වෙනුවෙන් දිනපතා ජයගත යුතු දේවල් වගේ පොඩි ඉලක්ක නිර්මාණය කර ගෙන තිබුණා.උදාහරණයක් ලෙස කිව්වොත් මම මගේ පෙළපොත වර්ග කරලා එදිනෙදා කළ යුතු පරිච්ඡේද අවසන් කළා. ඒ අනුව දෛනික ඉලක්කයට මම අවතීර්ණ වුණා.”

පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලටද එම කාලය තුළදී සහභාගී වී ඇති ඇය සඳහන් කළේ ”මට ඉලක්කයක් තිබුණා, ප්‍රධානම අරමුණ වූයේ ලංකාවේ පළවැනියා වීමයි. මේ ඉලක්කය කරා ළඟා වීමට මම මගේ දෛනික ඉලක්ක හඹා ගියා.”

SLIIT විසින් අමන්දිගේ අනාගත සාර්ථකත්වය කරා ලඟා කිරීම සඳහා ස්ථිර පදනමක් සපයා දී ඇත. ඇයගෙන් SLIIT තෝරා ගැනීම පිළිබඳව හේතු විමසූ විට ඇය පැවසුවේ ”මට වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් කැඳවීමේ අවස්ථා ලැබුණත් මම තෝරා ගන්නේ SLIIT. මම CODEFEST 2019 සඳහා ඉල්ලුම් කර අවසන් පූර්ව වටයට පැමිණියේ මගේ කණ්ඩායම සමඟයි. මම SLIIT තරඟය සඳහා ගිය විට මට පහසුවක් දැනුණු අතර විශ්ව විද්‍යාලය ගැන  උනන්දුවක් ඇති වුණා. එහි ඉගැන්වීමේ සහ ඉගෙනීමේ පරිසරය විනෝදජනක සහ සුවපහසු බවක් පෙනෙන්නට තිබුණා.” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ වනවිට අමන්දි SLIIT හි ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාගයකට අධ්‍යයන කටයුතුවල නියැලෙමින් සිටින්නීය. ” SLIIT හි අපට හරවත් සටහන් ලබා දෙන අතර දේශන වලදී අපි සටහන් ලියා ගත යුතුයි. මේක මට ටිකක් අලුත් දෙයක්, කොහොම වුනත් මම ඉස්සර වගේ පොඩි පොඩි ඉලක්ක තියාගෙන දක්ෂ විදියට පාඩම් කරමින් මගේ උපරිමය කරනවා. මම ඇත්තටම SLIIT එකට කැමති වූ හේතුව වන්නේ ඔවුන් ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණ පිළිබඳව උපාධියක් පිරිනැමීම. එය මට සිත්ගන්නා සුළු විෂයක් වේ යැයි මම සිතනවා.” ඇය පවසන්නීය.

SLIIT තම ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් බව හඳුනා ගත් අමන්දි අවසාන වශයෙන් මෙසේද පැවසුවාය.” SLIIT ආයතනයේ පරිසරය සහ සංස්කෘතිය මගේ පාසල් ජීවිතයට වඩා බොහෝදුරට වෙනස් වූවත් මම ඒකට කැමතියි. SLIIT විසින් මගේ ඉගෙනීම් කටයුතු සඳහා වඩාත් උද්යෝගයක් ලබා දෙන අතර මට සිහිනයක්ව තිබූ, කිසිදා මට ලබා ගැනීමට නොහැකි වේවි කියා සිතූ නොසිතූ අවස්ථාවන් මට ලබා දී තිබෙනවා. එපමණක් නොව, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල ඉතා මිත්‍රශීලීව සහ උපකාර කිරීමට නිරතුරුව බලා සිටිනවා.”

Visits: 59