කාර්ගිල්ස් සිලෝන් වෙතින් කාර්ගිල්ස් බැංකුව වෙත රු. බිලියන 1.5ක ආයෝජනයක්

කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම සිය හවුල්කාර සමාගමක් වන කාර්ගිල්ස් බැංකුව (කාර්ගිල්ස් බෑන්ක් ලිමිටඩ්) මගින් සිදු කරන ලද ණයකර නිකුතුවක් සඳහා රුපියල් බිලියන 1.5ක ආයෝජනයක් සිදු කළ බව පවසයි.

මෙහිදී කාර්ගිල්ස් බැංකුව විසින් බාසෙල් III අතිරේක අදියර දෙක අනුකූල සදාතන ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදු කර තිබේ.

ඒ අනුව මෙම නිකුතුව හරහා නිකුත් කෙරුණු ණයකර කොටස් මිලියන 15ක් (15,000,000ක්) සඳහා එක ණයකර කොටසක් වෙනුවෙන් රුපියල් 100 බැගින් මෙම මුදල ආයෝජනය කළ බව කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම දැනුම් දී සිටියි.

Visits: 189