OPPO වෙතින් Air Glass සහ Spark Micro Projector එළිදකී

OPPO INNO Day 2021 වැඩසටහන තුළදී OPPO Air Glass නව නිර්මාණය හඳුන්වා දීමට OPPO කටයුතු කළ බව පවසයි.

OPPO නිෂ්පාදනයක් වන Spark Micro Projector, අතිනවීන Micro LED, සහ Diffraction Optical Waveguide Display සහිත මෙම aR (assisted Reality) උපාංගය ස්පර්ශය, කටහඬ, හිසේ චලනයන් සහ දෑත් වල චලනයන් මගින් පාලනය කළ හැකි නිසා, පරිශීලිකයන්ට අවශ්‍ය තොරතුරු වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ලබාගත හැකි වේ.

“අප දීර්ඝ කාලයක් තිස්සේ Extended Reality (XR) තාක්ෂණයේ හැකියාවන් පිළිබඳව පර්යේෂණ කළා. ඒ ඔස්සේ අපට දැන් පාරිභෝගිකයන්ට පහසුවෙන් මිලදී ගත හැකි ආකාරයේ smart glass නිෂ්පාදනයක් හඳුන්වා දීමට හැකි වී තිබෙනවා. OPPO Air Glass යනු අප තොරතුරු ලබාගන්නා සහ පරිශීලනය කරන ආකාරයන් මුළුමනින්ම වෙනස් කිරීමේ හැකියාව සහිත නිෂ්පාදනයක්. අපට අවශ්‍ය ප්‍රධාන පණිවිඩ අපගේ දෑස් ඉදිරියේ දර්ශනය කරවීමට මේ දර්ශන තිරයට හැකියාව තිබෙනවා. OPPO Air Glass අප ලෝකය දකින අයුරු ලෝකය සදහටම වෙනස් කරනු ඇති බවට සැකයක් නැහැ.” OPPO උප සභාපති සහ OPPO පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ලෙවින් ලියු මහතා පැවසී ය.

පුරෝගාමී monocle waveguide සැලසුමක් පදනම් කරගෙන OPPO Air Glass නිර්මාණය කර තිබේ. ග්‍රෑම් 30 ක පමණ බරකින් යුත් OPPO Air Glass ලොව බරින් අඩුම monocle waveguide උපාංගයක් වන අතර, එය සාමාන්‍ය උපැස් යුවළක් ලෙස පහසුවෙන් පැළඳිය හැක.

එමෙන්ම OPPO හි තවත් නිෂ්පාදනයක් වන අතිනවීන Micro LED සහ ඉහළ විනිවිදභාවයක් සහිත වීදුරු කාච පහකින් සමන්විත Spark Micro Projector ඉහළම මට්ටමේ aR අත්දැකීමක් ලබාදීමට උපකාරී වෙයි.

මේ ආකාරයට Micro Projector, උසස් තාක්ෂණයෙන් යුත් Micro LED, සහ විශේෂයෙන් සැකසූ waveguide තාක්ෂනය ඔස්සේ OPPO Air Glass ගොඩනැගිලි ඇතුළතදී මෙන්ම එළිමහනේදීද දීප්තිමත් සහ පැහැදිලි දර්ශන සමගින් වඩාත් විශිෂ්ට තලයේ aR අත්දැකීමක් සහතික කරයි.

OPPO Air Glass දර්ශන තිරයේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ OPPO සමාගමේම නිෂ්පාදනයක් වන Spark Micro Projector වන අතර, 0.5cc හෙවත් කෝපි ඇටයක පමණ ප්‍රමාණයෙන් යුක්ත වන එය ක්ෂේත්‍රයේ කුඩාම ප්‍රක්ෂේපණ පද්ධති වලින් එකක් ලෙස සැලකේ. මෙහි Micro LED, nits මිලියන 3 ක් දක්වා දීප්තිමත්භාවයකින් යුක්ත ය.

Myopia සහ Hypermetropia වැනි වර්තන දෝෂ සහිත පුද්ගලයන් ඇතුළුව ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි වන ආකාරයට OPPO Air Glass සැලසුම් කර තිබේ. ඇස් කන්නාඩි පළඳින පුද්ගලයන්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවන් අනුව silver half-frame ලෙස හෝ black full-frame ලෙස මෙය මිලදී ගත හැක.

OPPO Watch 2 මෙන්ම ColorOS 11 හෝ ඊට ඉහළ මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් සහිත ස්මාර්ට් දුරකථනයක් හරහා OPPO Air Glass භාවිතා කළ හැකි වේ. OPPO Watch 2 සමග OPPO Air Glass සම්බන්ධ කළ විට පරිශීලකයන්ට තම අතේ චලනයන් භාවිතයෙන් එයට විධාන ලබාදීමේ හැකියාව පවතී. එමෙන්ම notifications open කිරීම හා close කිරීම සඳහා හිසේ සිරස් හා තිරස් චලනයන් භාවිතා කිරීමට හැකිවීම පරිශීලකයන්ට නවතම අත්දැකීමක් වනු ඇත.

Weather, Calendar, Health, Teleprompter, Translation, සහ Navigation ඇතුළුව, OPPO විසින් නිර්මාණය කරන ලද apps රාශියක් OPPO Air Glass උපාංගයට ඇතුළත් කර තිබේ.

මෙහි භාෂා පරිවර්තන හැකියාවද පරිශීලකයන්ට අතිශයින් වැදගත් වනු ඇත. OPPO Air Glass උපාංග දෙකක් Pair කළ විට, එක් පරිශීලකයෙකුගේ හඬ ස්වයංක්‍රීයව අදාළ අනෙක් භාෂාවේ වචන බවට පරිවර්තනය වී එසැණින් අනෙක් පරිශීලකයාගේ Air Glass හි දර්ශනය වේ.

OPPO Air Glass හි ඇති තවත් විශේෂාංගයක් වන්නේ එහි ටෙලිප්‍රොම්ප්ටරයයි. මෙමගින් තමන්ට අවශ්‍ය පරිදි වචන දර්ශන කරවාගත හැකි අතර, රැකියාවේදී මෙන්ම විවිධ ඉසව් වලදී ඉදිරිපත් කිරීම් සිදුකිරීමේදී මෙය අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

2022 වසරේ ප්‍රථම කාර්තුව තුළ චීනයේ වෙළඳපොළ සඳහා OPPO Air Glass නිල වශයෙන් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. කළු හා සුදු වර්ණ වලින් සහ රාමු වර්ග දෙකකින් OPPO Air Glass මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

Visits: 80