Huawei MateView GT 27 මොනිටර් නුදුරේදීම දේශීය වෙළඳ පොළට

ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවෙකු වන Huawei විසින්, දේශීය පාරිභෝගිකයින්ගේ තාක්ෂණික අත්දැකීම් තව දුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම මොනිටර් මාදිලිය වන Huawei MateView GT 27 වෙළඳ පොලට හඳුන්වා දීමට සැරසෙන බව පවසයි.

ඉතා අලංකාර වක්‍ර දාර වලින් සමන්විත, Huawei MateView GT 27 මොනිටරයේ නිමාව මේ වන විටත් ලොව පුරා පරිශීලකයින් රැසක් ආකර්ෂණය කොට ගෙන ඇත.

පුළුල් තිරයක පරිගණක ක්‍රියා කිරීමට කැමති පරිශීලකයන් සඳහාම නිමවූ Huawei MateView GT 27, ආකර්ෂණිය වර්ණ රටා වලින් සමන්විත අඟල් 27ක තිරයකින් සමන්විත වේ. වඩාත් විචිත්‍රවත් රූප රාමු ලබාදීම සඳහා මොනිටරයේ විවිධ තාක්ෂණයන් නූතන ලොවට ගැළපෙන අන්දමින් සංවර්ධනය කර ඇති අතර, මේ හරහා පරිශීලකයන්ට වඩාත් පැහැදිළි සහ ගුණත්වයෙන් ඉහළ තාක්ෂණික අත්දැකීමක් හිමිවනු ඇත.

මෙහි සුවිශේෂී විශේෂාංගයක් වන ‘The Dark Field Control’ හරහා, රාත්‍රී කාලයේ වැඩ කටයුතු කරන, සැමට දීප්තිමත් පැහැදිළි තිරයක අත්දැකීම හිමිකර දේ. මෙහි තිරයේ Aspect ratio- 16:9. වන අතර, 2560 x 1440 ක Resolution අගයක් දැකගත හැකිය. තවද තිරය 350 nits (typical) Brightness පෙන්නුම් කරන අතර, Contrast ratio, 4000:1 (typical) වේ.

වැඩි වෙලාවක් තිරය දෙස බලා සිටීමේදී, විශේෂයෙන් ඇස් වලට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා Huawei MateView GT 27 හි තිරය වෙත, Low Blue Light සහ Flicker-Free තාක්ෂණයන් එක්කොට ඇත. තවද මෙම තිරය TÜV Rheinland මඟින් සහතික කොට ඇත. තවද මොනිටරයේ පිටුපස ඇති, HDMI, DisplayPort, සහ USB Type-C පොර්ට් හරහා ඔබට පහසුවෙන්ම ඔබගේ අනෙකුත් තාක්ෂණික උපාංග (පරිගණක, අනෙකුත් ගෙමින්ග් උපාංග) මේ සඳහා සම්බන්ධ කළ හැකිය. වඩාත් පහසු ඉරියව්වකට මොනිටරය හැසිරවීමේ අවස්ථාව ලබාදෙන MateView GT 27 හි bracket පහසුවෙන් ඉවත් කළ හැකි අතරම, ඒ හරහා මෙය සම්පූර්ණයෙන්ම බිත්තියට සවි කළ හැකිය.

මෙම නවතම මොනිටර් මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳ අදහස් දැක්වූ, Huawei ශ්‍රී ලංකා මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා පවසා සිටියේ, දේශීය පාරිභෝගිකයාට උසස් තත්වයේ තාක්ෂණික අත්දැකීම් හිමිකර දීම සඳහා එළඹෙන වසරේදීත් ස්මාර්ට් උපාංග රැසක් හඳුන්වා දීමට සූදානම් වන බවයි.

විශේෂයෙන්ම පරිගණක ක්‍රීඩා සිදුකරන පරිශීලකයින් හට HUAWEI MateView GT 27 මොනිටරය වඩාත් පුළුල් අත්දැකීමක් ලබාදෙයි. මෙම මොනිටර් මාදිලිය නුදුරේදීම දේශීය වෙළඳ පොළට හඳුන්වා දීමට නියමිත අතර, දිවයින පුරා විසිරුණු Huawei බලයලත් අලෙවි නියෝජිත ජාලය හරහා මිලදී ගත හැකිය.

Visits: 53