2021 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී HNB හට සම්මාන ද්විත්වයක්

2021 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන (BCCSA) උළෙලේ දී සිය විශිෂ්ටත්වය මැනවින් විදහාපාමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතර ශ්‍රේණිගත වීම සහ බැංකුවේ විශිෂ්ට සමාජ සද්කාරක මුලපිරීම් අගයමින් සම්මාන දෙකකින් පිදුම් ලැබූ බව පවසයි.

”වසංගතය නිසා ඇති වූ අභියෝග නොතකා, අප අපගේ ව්‍යාපාර තිරසාරත්වය හදවත ලෙස සලකනු ලබනවා. එහිදී ඩිජිටල් ක‍්‍රමෝපායන් තවත් තවත් පුළුල් කරමින් අපගේ කාබන් පියසටහන අඩු කිරීම සඳහා අප බොහෝ නව්‍ය ක‍්‍රියාමාර්ග ගනු ලබනවා. ශ‍්‍රී ලංකා මහ බැංකුව සමඟ කටයුතු කරමින් වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ගනුදෙනුකරුවන්ට සහය වෙමින් ව්‍යාපාර පුනර්ජීවනය සඳහා අපි දායක වුණා. මෙම මුලපිරීම් සඳහා වන අපගේ ප‍්‍රතිපත්ති සහ කැපවීම දිවයින පුරා සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපවසායකයින්ගේ (MSMEs) මූල්‍ය සුරක්ෂිතභාවය සහ වර්ධනය සහතික කොට තිබෙනවා. HNB වෙත පිරිනමන ලද මෙම සම්මාන අප ගෞරවයක් ලෙස සලකන අතර ජාතිය ගොඩ නැගීමට හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරන බවට අප මෙහිදී පොරොන්දු වීමට කැමතියි’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා සඳහන් කළේය.

කොවිඞ් වසංගතය තුළදී සිය කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන්ව සුරක්ෂිත කර ගැනීම උදෙසා ඔවුන් ගත් ප‍්‍රයත්නයන්, වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ගනුදෙනුකාරභවතුන්ට හා ව්‍යාපරවලට නැවත නැගී සිටීමට විවිධ ණය සහන ලබා දීම සහ බැංකුව විසින් සිදු කළ අනෙකුත් තාක්ෂණික පරිවර්තනයන් ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC) මෙම සම්මාන උළෙල සඳහා මෑතකදී හඳුන්වා දෙන ලද ‘Demonstrated Resilient Practices for COVID-19 Context’ සඳහා වන සම්මානය දිනා ගැනීමට HNB සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනුනි.

 මෙරට සමාගම් ඔවුන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කරගැනීම සමඟින් ඔවුන්ගේ ප‍්‍රජාවගේ සුබ සාධනය ඉහළ නැංවීමට කටයුතු කළ සමාගම් ඇගයීමේ ක‍්‍රියාවලියක් මත පදනම්ව ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා ශ්‍රේණිගත කරනු ලබයි. විශිෂ්ටත්වය සඳහා වන කීර්තිනාමය තවදුරටත් වර්ධනය කරගනිමින් HNB මීට පෙර අඛණ්ඩව විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතර ශ්‍රේණිගත වීමට සමත්ව තිබීම විශේෂයෙන් කැපී පෙනේ.

එපමණක් නොව, හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා ව්‍යාපාරයක සූදානම, ඔරොත්තු දීමේ හැකියාව සහ බලාපොරොත්තු නොවූ අභියෝගවලට මුහුණ දීම සඳහා ව්‍යාපාරවල පාර්ශවකරුවන් කළමනාකරණය සඳහා වන අවශ්‍යතාවය ඉස්මතු කිරීමට CCC මෙම වසරේදී වැඩිදියුණු කළ ඇගයීමේ නිර්ණායකයක් අනුගමනය කළේය. පරිසරය, පාරිභෝගික සබඳතා, ප‍්‍රජා සබඳතා, පාලනය, මූල්‍ය කාර්යසාධනය, ආර්ථික දායකත්වය සහ විශේෂ තිරසර ව්‍යාපෘති මෙම සම්මානය පිරිනැමීමේ දී අවධානය යොමු කළ අංශ විය.

විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙල වසර 18ක් පුරාවට අඛණ්ඩව ක‍්‍රියාත්මක වන අතර 2021 වසරේ දී ඒ සඳහා අයදුම්පත් 63ක් ලැබී තිබුණි. එය මෙම සම්මාන උළෙල ඉතිහාසයේ ලැබුණු වැඩිම අයදුම්පත් සංඛ්‍යාව වේ. පාරිභෝගික මධ්‍යස්ථාන 254ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. Fitch Ratings (ලංකා) සමාගම විසින් බැංකුවට ජාතික දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත. එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් අඛණ්ඩව පස්වරක් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ශ්‍රේණිගත කරන ලද අතර 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස ද HNB සම්මානයට පාත‍්‍ර විය.

Visits: 71