දෙසැම්බරයේ මුල් දින 12 තුළ විදෙස් සංචාරකයන් 24,773ක් ඇවිත්

දෙසැම්බර් මාසයේ මුල් දින 12ක කාලය තුළදී පමණක් විදෙස් සංචාරකයන් 24,773 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියි. ඒ අනුව අද වන විට මෙරටට සංචාරකයන්ගේ පැමිණිමේ ක්‍රමානුකූල වර්ධනයක් දක්නට ලැබෙන බව ද ඇමතිවරයා මෙහිදී සඳහන් කරයි.

එසේම සංචාරකයන් හට රට යළිත් විවෘත කිරීමෙන් පසු දෙසැම්බර් මස 12 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 129,762 කි.

ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, කසකස්ථානය, ඇමෙරිකාව, ප්‍රංශය, කැනඩාව, මාලදිවයින යන රටවලින් මෙම සංචාරකයන් පැමිණ තිබේ.

ශීත කාලය ඉලක්ක කරගනිමින් සංචාරක සංවර්ධන අධිකාරිය යුරෝපා රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්ද ක්‍රියාත්මක කරයි.

එම රටවල ගුවන් සමාගම් කිපයක් ම ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචරණ සීමා යාවත්කාලින කිරිම ද, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනයට හේතු වි ඇතැයිද අමාත්‍ය රණතුංග මහතා වැඩි දුරටත් පවසා සිටියි.

Visits: 115