කප්රුක මහජන කොටස් නිකුතුව පිළිබඳ ආයෝජක සමුළුව අද (16දා)

ජාත්‍යන්තරව මෙහෙයුම් කටයුතුවල නියැලෙන ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය විද්‍යුත් වාණිජ (e-commerce) සමාගම වන කප්රුක හෝල්ඩින්ස් ලිමිටඩ් (Kapruka Holdings Limited) හි මූලික මහජන කොටස් නිකුතුවට පෙර පැවැත්වෙන ආයෝජක සමුළුව, අද (2021 දෙසැම්බර් 16) වන දින සවස 4.00ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සමාගම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමටත්, ආයෝජකයන්ගේ විමසීම්වලට පිළිතුරු ලබාදීමටත් කප්රුක කළමනාකාරීත්වයට මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත.

Acuity Partners ආයතනය විසින් කළමනාකරණය කරනු ලබන මෙම කොටස් නිකුතුව තුළදී, කොටසක් රු.15.40 බැගින්, සමස්ත කොටස් වලින් 20% ක ප්‍රතිශතයක් නිකුත් කිරීමට කප්රුක හෝල්ඩින්ස් සමාගම බලාපොරොත්තු වෙයි.

පහත සඳහන් සබැඳිය ඔස්සේ ඕනෑම කෙනෙකුට මෙම වැඩසටහනට සහභාගී විය හැකි වේ. https://zoom.us/meeting/register/tJAsd-usrTwvHtZM7pXUw1F0-A1iqh7NIh8J

මෙම කොටස් නිකුතුව මගින් උපයාගනු ලබන අරමුදල්, සමාගමේ අනාගත වර්ධනය සම්බන්ධ සැලසුම් වෙනුවෙන් ආයෝජනය කෙරෙනු ඇත.

මෙම සැලසුම් අතරට, සමාගමේ තාක්ෂණික හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ, නව වැඩසටහන් ක්‍රියාවට නැංවීමට හැකිවන පරිදි මූලික සේවා පදනම් වැඩිදියුණු කිරීම යනාදිය ඇතුළත් වී තිබේ.

දේශීය හිමිකාරීත්වයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම විද්‍යුත් වාණිජ සමාගම වන කප්රුක සමාගම, 2002 වසරේදී දුලිත් හේරත් මහතා විසින් ආරම්භ කරන ලදි.

මේ වනවිට එම සමාගම රුපියල් බිලියන ගණනක වටිනාකමකින් යුත් ව්‍යාපාරයක් බවට වර්ධනය වී ඇති අතර, සමාගම භාවිතා කරන සුවිශේෂී ව්‍යාපාර ආකෘතිය මෙම දියුණුවට ප්‍රධානතම හේතුවක් වී තිබේ.

Visits: 176