ASPI දිනය තුළ 1.15%කින් ඉහළ යමින් මෙතෙක් පත් වූ ඉහළම අගයට පත්වෙයි

අද (දෙසැම්බර් 14) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉහළ ගැණුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් අද දිනයේදී ලැයිස්තු ගත වූ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් මූලික කොටස් නිකුතුව වෙත ඉහළ ආයෝජක ආරක්ෂණයක් හිමි නොවීමත් සමගින්ම දිනය නිමාවේදී එය මූලික නිකුතුවේ වටිනාකම වඩා අඩු අගයකට පත්විය.

මේ අතර සමාගම් කිහිපයකදීම ලාභ ඉපැයිම් දැකගත හැකි වූ බවත්, විශේෂයෙන්ම නිෂ්පාදන අංශයේ සමාගම් තුළ වැඩි ආයෝජනයක් පෙන්නුම් කළ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 11,662.28ඒකක 11,847.78ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,796.88ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 13) දිනයට සාපේක්ෂව ඒකක 134.50ක් එනම් 1.15%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+117.18), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+11.42), ලංකා අයිඕසී පීඑල්සී LIOC (+9.54), සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (+8.17), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+5.72), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-25.02), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.66), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-4.41), එස්එම්බී ලීසිං පීඑල්සී SEMB (-2.9), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (-2.01) යනාදී සමාගම්ය.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, රිසස් එනර්ජි පීඑල්සී, ලංකා අයිඕසී පීඑල්සී සහ වින්ඩ්ෆෝර්ස් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදනු දිනයේ පිරිවැටුමෙන් 1.6%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 103ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 109ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,248.54ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 13) ‍ට සාපේක්ෂව ඒකක 55.26ක එනම් +1.32%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 8.49ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැම්බර් 13) වාර්තා කළ රුපියල් බිලියන 8.16ට  සාපේක්ෂව 4.0% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.27ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 77.94%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 124.52ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 118.70ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.82කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.41ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වින්ඩ්ෆෝර්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 18.18කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 18.71ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,994ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 24%කි. එසේම ප්‍රවාහන සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,858ක සහ රුපියල් මිලියන 1,1264ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 110