සොෆ්ට්ලොජික් ලයිෆ් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටයින් අතරට එක් වෙයි

සොෆ්ට්ලොජික් ලයිෆ් පීඑල්සී සමාගම CA ශ‍්‍රී ලංකා මගින් සංවිධානය කරන ලද 56 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ප‍්‍රධාන සම්මාන 6ක් සමඟින් සුවිශේෂී මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් කීර්තිමත් සම්මාන රැසක් හිමි කර ගැනීමට සමත් වූ බව පවසයි.

ඒ අනුව වසර ගණනාවක් තිස්සේ එහි ඉහළම සම්මානයන්හි ආධිපත්‍ය තහවුරු කරගෙන සිටි මෙරට දැවැන්ත සමාගම් අභිබවා යමින් වාර්ෂික මූල්‍ය වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වන රිදී සම්මානය තමන් සතු කර ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් වූයේ මූල්‍ය වාර්තාකරණයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් රිදී සම්මාන හිමි කරගත් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය සම්මාන එකතුව තවත් සුවිසල් සම්මානයකින් හැඩ කරනු ලැබුවේ රක්ෂණ අංශය වෙනුවෙන් වූ රන් සම්මානය ද දිනා ගනිමිනි. සම්මාන ප‍්‍රධානෝත්සවය තුළ දැවැන්ත සම්මාන දෙකකින් සිය හැකියාවන් සහතික කළ සොෆ්ට්ලොජික් ලයිෆ් ඊට අමතරව ඒකාබද්ධ වාර්තාකරණය (Integrated Reporting), ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය (Integrated Corporate Social Responsibility Reporting), ඒකාබද්ධ වාර්තාකරණය- හොඳම   එළි දැක්වීම – ව්‍යාපාර ආදර්ශ සම්මානය (Integrated Reporting: Best Disclosure on Business Model) හා ඒකාබද්ධ වාර්තාකරණය- හොඳම  එළි දැක්වීම – පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය (Integrated Reporting : Best Disclosure on Stakeholder Engagement) යන කාණ්ඩ සඳහා ලෝකඩ සම්මානයන්ද තමන් සතු කර ගැනීමට සමත් විය.

මේ සියලූ සම්මානයන් තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ් තහවුරු කරනු ලැබුවේ ඒකාබද්ධ වාර්තාකරණය වෙනුවෙන් විශිෂ්ටත්වයට පත් ආයතනයන් අතර අති විශිෂ්ටයකු ලෙස පූර්ණ විනිවිදභාවයකින් කටයුතු කිරීම හා සෑම කොටස්කරුවකු වෙනුවෙන්ම උපරිම වටිනාකමක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන ඔවුන්ගේ නොසැලෙන කැපවීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් හි සභාපති අශෝක් පතිරගේ  මහතා ‘‘2021 වසරේ CA ශ‍්‍රී ලංකා වාර්ෂික වාර්තා සම්මාන උළෙලෙදී සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය ලබා ගත් කැපී පෙනෙන ජයග‍්‍රහණයන් රැසක් මගින් මනාව ප‍්‍රදර්ශනය වන්නේ මූල්‍ය වාර්තාකරණය තුළ ඉහළම ප‍්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් අපගේ ඇති දැඩි කැපවීමයි. එසේම අපගේ ක්ෂේත‍්‍රය තුළ විශේෂ ස්ථානයක් හිමි කර ගැනීම මෙන්ම අපගේ සමාගම දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ ආයතන අතරට එක්වීම වෙනුවෙන් වන අපගේ අධිෂ්ඨානය මෙලෙස කෙමෙන් කෙමෙන් සාක්ෂාත් කරගැනීමට හැකිවීම ඉතාමත් සතුටුදායක කාරණයක්.’’ යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා සඳහන් කර සිටියේ ‘‘ජවසම්පන්න සමාගමක් ලෙස අප නිරන්තරයෙන් අපගේ සියලූම පාර්ශවකරුවන් අතර ඉහළ විනිවිදභාවයක් හා විශ්වාසයක් ඇති කිරීම වෙනුවෙන් ලොව ඉහළම තත්වයේ භාවිතයන් හා ප‍්‍රමිතීන් මගින් අපගේ සේවාවන් ඇගයීමට ලක් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් නව්‍යකරණ සේවාවක් වෙනුවෙන් කැපවී කටයුතු කරන අතරම වඩාත් බලපෑම් සහගත සහ වැඩි දියුණු කළ මූල්‍ය වාර්තාකරණ හැකියාවන් සමඟින්   කර්මාන්තය තුළ මූලික මිනුම් දණ්ඩක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපගේ කණ්ඩායමට මේ මොහොතේ මගේ ස්තුතිය පුදකර සිටිනවා’’ යනුවෙනි.

මේ වෙනුවෙන් අදහස් ඉදිරිපත් කළ සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප‍්‍රධාන මූල්‍ය නිලධාරී  නුවන් විතානගේ මහතා මෙසේ පවසා සිටින ලදී. ‘‘දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන එනු ලබන මෙම කීර්තිමත් සම්මාන ප‍්‍රදානය කිරීමේ ආයතනය තුළින් අපගේ ශක්තිමත් මූල්‍ය වාර්තාකරණ භාවිතයන් ඇගයීමට ලක්වීම පිළිබඳව අප සතුටට මෙන්ම ආඩම්බරයට පත්වනවා. එසේම අපගේ කාර්යයන් අතර ඉහළින්ම පවතින දෙයක් ලෙස ගෝලීය ප‍්‍රමිතීන්ට අනුකූලව ආදර්ශ වාර්ෂික වාර්තා නිර්මාණය කිරීම සඳහන් කළ හැකියි’’ යනුවෙන් පවසා තිබේ.

56 වන වරට පැවැත්වෙන කීර්තිමත් CA ශ්‍රී ලංකා සම්මාන උළෙලල මෙරට සමාගම් හි මූල්‍යකරණ හා වෙනත් තොරතුරු තම පාර්ශ්වකරුවන් වෙනුවෙන් ඵලදායීව වාර්තාකරණය සහ ව්‍යවස්ථාදායක අවශ්‍යතාවන්ට අනුකූලව දැඩි නියාමනයන් ඔස්සේ සිදු කිරීම වෙනුවෙන්ල එම එක් එක් ආයතනයේ ආයතනික අරමුණූ, කාර්යසාධනය, ප‍්‍රධාන සන්ධිස්ථාන හා අනෙකුත් වැදගත් තොරතුරු හොඳින්ම සන්නිවේදනය කිරීමේ හැකියාව අනුව තෝරාපත් කරගනු ලබයි.

Visits: 121