කොමර්ෂල් බැංකුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බැංකු කවුළුවක් විවෘත කරයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන අමුත්තන්ගේ සහ කාර්ය මණ්ඩලයේ පහසුව සඳහා කොමර්ෂල් බැංකුවේ බැංකු කවුළුවක් විවෘත කිරිම පසුගියදා සිදු විය.

මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ අතර, බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සනත් මනතුංග මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය, දෙලක්ශන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. සාමාන්‍ය බැංකු සේවාවලට අමතරව, මෙම කවුන්ටරය මගින් විදේශ මුදල් ගිණුම්, පේ‍්‍රෂණ සේවා සහ කොමර්ෂල් බැංකුව විසින් පිරිනමනු ලබන අනෙකුත් මූල්‍ය සේවා පිළිබඳ තොරතුරු ලබා දෙනු ඇත.

මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සමඟ කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සනත් මනතුංග මහතා කොමර්ෂල් බැංකු කවුන්ටරය වෙත පැමිණි පළමු ගනුදෙනුකරුවාට RemitPlus පේ‍්‍රෂණ ඩෙබිට් කාඩ්පතක් පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

Visits: 55