DIMO අඛණ්ඩව නව වන වරටත් Great Place to Work සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන DIMO විසින් ජයග්‍රාහී නව වන වරටත් හොදම සේවා ස්ථානයන්ට හිමි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබූ බව පවසයි.

මෙවර සම්මාන උළෙල තුලදී DIMO විසින් දිනා ගත් සම්මාන අතරට අඛණ්ඩව දෙවන වතාවටත් Best Workplace 2021’ සම්මානයද Excellence in People Initiatives – Talent Attraction & Onboarding සහ Excellence in People Initiatives – Inclusive Culture යන සම්මාන ද්විතවයද ඇතුළත් වේ.

මෙම සම්මාන ජයග්‍රහණය පිටුපස තිබෙන්නේ විවිධ ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා ආයතනයේ සේවකයින් එම අරමුණු කෙරෙහි විධිමත් ලෙස මෙහෙයවීම, ඔවුන්ට අඛණ්ඩ සහාය ලබා දීම, ඔවුන්ව කාර්යයන් උදෙසා ධනාත්මක ලෙස පෙළඹවීම සහ ඔවුන්ව අගය කිරීම බවත් සමාගම පවසයි.

DIMOහි සේවය කරන 1800 කට අධික සේවක පිරිසගේ විශේෂතා ක්ෂේත්‍රය මැනවින් හඳුනා ගනිමින්, සියලුම මට්ටම්වල සේවයකින්ට වඩාත් කාර්යක්ෂමව ව්‍යාපාර ඉලක්ක වෙත ගමන් කල හැකි ධනාත්මක පරිසරයක් බවට පත් කිරීමට විවිධ උපායමාර්ග රැසක් ක්‍රියාත්මක කරන ලදී. තවද ඉහළ විනිවිදභාවයකින් යුත් සන්නිවේදනය දාමයක්, කාර්යක්ෂම නායකත්වය, කැපවීම, අධිෂ්ඨානය, ගෞරවය, පිළිගැනීම සහ සුහදත්වය යන මෙම සියලුම සාධක සඳහා ඉහළම වටිනාකමක් ලබා දෙමින් සිය සේවකයින් වඩාත් විශ්වාසවන්ත සහ පක්ෂපාතී පිරිසක් බවට පත් කිරීමටත්, ඒ තුළින් යහපත් ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමටත් ඩීමෝ නිරතුරුවම කැප වෙමින් ක්‍රියා කරයි. මෙහි ප්‍රතිපලයක් ලෙස DIMO මෙම වසරේදී Excellence in People Initiatives: Talent Attraction & Onboarding කාණ්ඩයේ ඇගයීමට ලක් විය.

සමාගමක ‘විවිධත්වය සහ සැවොම එක සේ පිළිගැනීම” ඉතා වැදගත් තිරසාර ඉලක්කයක් වන අතර DIMO ආයතනය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපවී සිටී. එම තිරසාර දැක්මට අනුව 2025 වන විට කාන්තාවන්ගේ තීරණ ගැනීමේ භූමිකාව 10% සිට 40% දක්වා වැඩි කර ගැනීමට DIMO උත්සහ කරන බවත් සමාගම සඳහන් කරයි.

පුද්ගල වෙනස්කම් නොසලකා එකිනෙකාට ගරු කරන, එකිනෙකා අගය කරන සහ සහයෝගය දක්වන පරිසරයක් නිර්මාණය කිරීම මෙම “විවිධත්වය සහ සැවොම එක සේ පිළිගැනීම” යන මුලපිරීමෙහි මූලික අඩිතාලම වේ. මේ හේතුව නිසා GPTW සම්මාන උළෙලේදී Excellence in People Initiatives: Inclusive Culture යන අංශය මුල් කර ගනිමින් සම්මානයට පාත්‍ර වීමට DIMO හට අවස්ථාව ලැබුණි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි  සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “මෙම වසංගත සමයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමටත් වැඩ කිරීමේ නවීනතම ක්‍රමවේදයන්ට අනුවර්තනය වීමටත් DIMO හට හැකියාව ලැබිලා තියෙන්නේ නිපුණතාවයෙන් යුතු සේවක පිරිසක් සිටින නිසා. ඒවගේම DIMO සමාගමේ සිටින සේවක පිරිස හට සමාන අවස්ථා, කුසලතා සහ අන්‍යෝන්‍ය ගෞරවය ලබාදී ඉදිරියටම ගමන් කිරීම අප ලැබූ අඛණ්ඩ ජයග්‍රණයට හොදම සාක්ෂියකි. සැමදෙනාම එකට එක්ව එක කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් DIMO සමාගමෙහි දැක්ම සාර්ථකත්වය කරා ගෙන යන බව මට විශ්වාසයි.”

Covid-19 වසංගතය මධ්‍යයේ වූවද DIMO, තම පාරිභෝගික ප්‍රජාවගේ ඉල්ලීම් ඉටු කරමින් එම අභියෝගවලට මුහුණ දිය හැකි ශ්‍රම බලකායකින් සන්නද්ධ වී ඇත. තවද සේවකයන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම සහතික කරන අතර අඛණ්ඩ පුහුණුව සහ සංවර්ධනය, විනිවිදභාවයකින් යුතු සන්නිවේදනය මෙන්ම DIMO හි සාමූහික දායකත්වය සහ මනා නායකත්වය නිසා ද ඉහළ කාර්ය සාධනයක් වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබී තිබේ. මෙම ජයග්‍රහණය සමග DIMO, ආසියාවේ මහා පරිමාණ සමාගම් අතර සිය නව්‍ය නිපුණතාවය සමඟින් ඉදිරියට යන සමාගමක් ලෙස හදුනා ගත හැකිය.

Visits: 63