සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් CSE හි ලැයිස්තුගතවිම හෙට (14දා)

සර්වෝදය ව්‍යාපාරයට අයත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම හෙට (දෙසැම්බර් 14දා) කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) හි ලැයිස්තුගත වන බව පවසයි.

මෙහිදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන පුවරුවෙහි Consumer Finance – 4020 අංශය යටතේ ලැයිස්තුගත කිරිම සිදුවනු ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී SDFN.0000 යන කේතය යටතේ එම සමාගම ලැයිස්තුගත කිරීමට නියමිතව ඇති අතර, මෙහිදී එම සමාගමට අයත් කොටස් 149,596,052ක් ලැයිස්තුගත කෙරෙන බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි.

මෙම ලැයිස්තුගතවීමේ අවස්ථාව වෙනුවෙන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම මගින් පසුගිය නොවැම්බර් 24 වැනිදා කොටස් හුවමාරුවෙහිදී සිය මූලික මහජන කොටස් නිකුතුවක් විවෘත කළ අතර පැය කිහිපයක් තුළදී ඊට අධි දායකත්වයක් හිමි විය.

අදියර දෙකක් යටතේ සිදු වුණු මෙම නිකුතුවේදී සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම පළමුවෙන්ම සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 22,727,273ක් නිකුත් කිරීම සිදු විය. එහිදී කොටසක වටිනාකම රුපියල් 22ක් ලෙස මිල කෙරී තිබුණි.

එසේම මෙම නිකුතුවට හිමිවන අධි දායකත්වයත් සමගින්ම තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 22,727,273ක් මිලදී ගැනීම සඳහා විවෘත කර ඇති අතර, එහිදීද කොටසක වටිනාම රුපියල් 22ක් ලෙස මිල කෙරිණි.

Visits: 175