ණය තොරතුරු කාර්යාංශයෙන් කොවිඩ් 19 අරමුදලට රුපියල් මිලියන 50ක්

ණය තොරතුරු කාර්යාංශය (CRIB) මගින් කොවිඩ් 19 – සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල වෙත රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කරන ලද බව පවසයි.

පසුගියදා එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනි මහතා විසින් මෙම මුදල සංකේතාත්මකව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත ප්‍රදානය කර තිබේ. කබ්රාල් මහතා ‘කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලෙහි‘ සභාපතිවරයාද වෙයි.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සහ ඒ ආශ්‍රිත සුභසාධන වැඩසටහන් අරමුණු කරගනිමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ‘කොවිඩ්19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල‘ පිහිටුවා තිබේ. මෙම අරමුදල වෙත දේශීයව පුළුලු වගකිම් සමූහයක් පැවරී ඇතැයිද පවසයි.

එහිදී මෙම අරමුදල සඳහා දේශීය මෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන්ටද තම මූල්‍ය දායකත්වය ලබා දිය හැකි බව ‘කොවිඩ්19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල‘ සඳහන් කරයි.

Visits: 39