Daraz පුදුම හිතෙන වාසි එක්ක නත්තලේ අසිරිය විඳින්න

ළඟ එන ප‍්‍රීතිමත් නත්තල් උත්සව සමයේ ඔබේ සාප්පු සවාරිය සතුටින් පුරවාලමින් 80% දක්වා දැවැන්ත මිල අඩුකිරීම් සමග“Daraz Grand Christmas Sale”අති දැවැන්ත නත්තල් වෙළෙඳ සැණකෙළිය මෙවරත් අති උත්කර්ෂවත් ආකාරයෙන් දෙසැම්බර් 12 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන බව පවසයි.

“Daraz Grand Christmas Sale”වෙත ඉදිරිපත් කෙරෙන මිලියන 3 කට අධික භාණ්ඩ රැසක් අතරින් ඔබේ ප‍්‍රියතම සන්නාමයන්ගෙන් යුතු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ, ඇඳුම් පැළඳුම්,පාරිභෝගික භාණ්ඩ මෙන්ම එදිනෙදා දිවිය පහසුකරන නිෂ්පාදන රැසක් ඔබේ සිතැඟි පරිදි තෝරාගනිමින් mega deals, නොමිලේ බෙදාහැරීම,ආකර්ෂර්‍ණය තෑගි,පොලී රහිත මාසික ගෙවීමේ ක‍්‍රම,විශේෂ වවුචර්පත්,බැංකු කාඞ්පත් වට්ටම් ඇතුළු තවත් සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක් හිමිකරගනිමින් විනෝදාත්මක ඔන්ලයින් ක‍්‍රීඩා යනාදී විශේෂ ප‍්‍රවර්ධන ක‍්‍රියාකාරකම් රැසක්ද සමග සදා මතකයේ රැඳෙන අසිරිමත් අන්තර්ජාල සාප්පු සවාරියක මිහිර ඔබට අත්විඳිය හැකිය.

“Daraz Grand Christmas Sale” නත්තල් සප්පු සවාරියේ යෙදෙන අතරවාරයේ Daraz “One Rupee Game”විනෝදාත්මක ක‍්‍රීඩාවේ යෙදෙමින් රුපියලක් වැනි කුඩා මුදලකට වටිනා ත්‍යාග දිනාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙත හිමිවේ. රු. 10,000 ට වැඩි බිල්පත් සඳහා සියළුම මාස්ටර් කාඞ්පත් හිමියන් සඳහා 12%ක වට්ටමක් සහ අනෙකුත් බැංකු කාඞ්පත් හිමියන්ට රු. 7,500 ට වැඩි බිල්පත් සඳහා 10%ක වට්ටමක්  “Daraz Grand Christmas Sale”නත්තල් වෙළෙඳ සැණකෙළියෙන් හිමිකරගත හැකිය.

එමෙන්ම ජංගම දුරකතන රීලෝඞ් සඳහා 5% ක වට්ටමක් ද“Daraz Grand Christmas Saleවෙතින් හිමිකරගත හැකිය. පසුගිය නොවැම්බරයේ පැවැති Daraz 11.11 අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහනෙන් පිරිනැමූ වාසි කන්දරාව යම් ආකාරයකින් ඔබට මගහැරුනා නම්,අලූත් අවුරුද්දට අලූත් වන්නට හිමිවන හොඳම අවස්ථාව වන  “Daraz Grand Christmas Sale”නත්තල් වෙළෙඳ සැණකෙළිය කිසිසේත්ම මගහැරගන්නට එපා!

Daraz සමග එක්ව සිටින සම්පත් බැංකුව, කමර්ෂල් බැංකුව,HSBC, HNB, BOC, NDB යුනියන් බැංකුව, සෙලාන් බැංකුව,DFCC, LOLC, SCB,මහජන බැංකු, කාගිල්ස් බැංකුව හා මහජන බැංකු ඩෙබිට් කාඞ්පත් සඳහා 10% ක වට්ටමක් මෙන්ම මාස්ටර් කාඞ් සක‍්‍රීය වූ සියළුම බැංකු කාඞ්පත් සඳහා 12% ක විශේෂ වට්ටමක් ද  “Daraz Grand Christmas Sale”නත්තල් වෙළෙඳ සැණකෙළියේ දී හිමිකරගත හැකිය. පොලී රහිතව කොටස් වශයෙන් මාස 60 ක පහසු ගෙවීමේ ක‍්‍රමවේදයක් ද එහිදී සලසා දී තිබේ. (කොන්දේසි අදාලවේ)

මෙවර“Daraz Grand Christmas Sale” සමග සාප්පු සවාරියේ යෙදෙන ඔබ වෙත වාසි රැසක් ගෙන එන්නට Unilever, Teleseen Marketing, Brown & Company PLC, Hemas  Manufacturing, Vivo, Realme, VANTAGE වෙතින්  දියමන්ති අනුග‍්‍රාහකත්වයත් Yamaha Music Centre, Hunters, Revlon, Multilac, Mead and Johnson, Swisstek, Ebsaw, P. G. Martin, Embark, HP, Celsius සහ OPPO ප්ලැටිනම් අනුග‍්‍රාහකත්වයත්, Staedler, Dahua, Quantum Fitness, Janet Lanka, Reckitt, Coca Cola, Lumala, Blink International, TOFO,CBL, Select by Daraz, Huawei, The Concept Store සහ Boya ස්වර්ණමය අනුග‍්‍රාහකත්වයන් ලෙස Daraz සමග අත්වැල් බැඳගෙන සිටියි.

නත්තලේ අසිරිය නිවසේ සිටම විඳිමින් ඔබේ අතැඟිලි තුඩු අගින් සුපිරි නත්තල් සාප්පු සවාරියක යෙදෙන්න අදම Daraz ඇප් එක ඩවුන්ලෝඞ් කරගන්න.

Visits: 61