CLC, LOFC සහ EXPO ඊයේ සිදු වූ පසුබැසීම යම් තරමකින් මඟහරවා දෙයි

අද (දෙසැම්බර් 09) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු යම් පසුබැසීමකින් ආරම්භ වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම LOFC සහ CLC සමාගම්වල කොටස් අගයන්හි පැවැති ඉහළ පහළ යාම් ඊට හේතුව වී තිබේ. කෙසේ වෙතත් දිනයේ පසු භාගයේදී එම තත්ත්වය මඟහැරීයාම සියලු කොටස් මිල දර්ශකය ඉහළ යාමට දායක වී තිබේ. එසේම දිනය ආරම්භයට වඩා අවසන් කොටසේදී වැඩි ආයෝජක සහභාගිත්වයක් වෙළෙඳ පොළ තුළ දැකගත හැකි වී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,956.75ත් ඒකක 11,206.90ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,178.43ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 08) දිනයට සාපේක්ෂව ඒකක 157.36ක් එනම් 1.43%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+45.73), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+37.44), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+37.44), සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (+4.16), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+3.1), එස්.එම්බී. ලීසිං පීඑල්සී SEMB (-2.9), ආසිරි හොස්ප්ටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-2.8), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-2.68), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-2.4), ලංකා අයිඕසී පීඑල්සී LIOC (-1.91) යනාදී සමාගම්ය.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී, සිලෝන් හොස්පිටල්ස් පීඑල්සී, බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදනු දිනයේ පිරිවැටුමෙන් 6.4%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 129ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 83ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,985.89ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 08) ‍ට සාපේක්ෂව ඒකක 26.05ක එනම් +0.66%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.49ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැම්බර් 08) වාර්තා කළ රුපියල් බිලියන 5.67ට  සාපේක්ෂව 3.2% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.99ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 68.50%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 143.57ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 153.69ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 10.12කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.23ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටෝකියෝ සිමෙන්ට් කම්පැනි පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 86.99කි. එසේම ට්‍රී ඒකර් ෆාම්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 65.59ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,099ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 20%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය යන සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,074ක සහ රුපියල් මිලියන 904ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 161