මෙවර උත්සව සමයේදී HNB ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්හිමියන්ට සුවිශේෂී දීමනා රැසක්

සියලූම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට විද්‍යුත් උපාංග සිට සිල්ලර භාණ්ඩ දක්වා දිවයින පුරා වෙළෙඳසැල් රැසක් වෙතින් 70%ක් දක්වා ආකර්ෂණීය වට්ටම් සහ දීමනා රැසක් ලබා දෙමින් හැටන් නැෂනල් බැංකුව එළඹෙන උත්සව සමය ආරම්භ කරන බව පවසයි.

මෙම වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුළදී හෝ ලබා දී ඇති කාල සීමාව තුළ ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳනාම, online වෙබ් අඩවි, රෙදිපිළි අලෙවිසැල්, ආපනශාලා, සුපිරි වෙළෙඳසැල්, හෝටල් සහ තවත් බොහෝ දේවල් සඳහා මෙම සුවිශේෂී වට්ටම් අදාළ වේ. මෙම වට්ටම්වලට අමතරව විවිධ පරාසයේ අලෙවි සැල් සඳහා මාස 48ක් දක්වා අමතර ගාස්තු රහිත වාරික ගෙවීමේ සැලසුම් ද බැංකුවේ ‘A Season Wrapped In Happiness’ නම් ප‍්‍රවර්ධන වැඩසටහන මගින් HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට ලබා දී ඇත.

විදුලි උපකරණ, විවිධ උපාංග සහ නවතම විලාසිතා උපාංග, ස්වර්ණාභරණ සහ වාහන අමතර කොටස් මිලදී ගැනීමේදී අමතර ගාස්තු නොමැතිව පාරිභෝගිකයින්ට ආකර්ෂණීය වට්ටම් සහ පහසු ගෙවීමේ සැලසුම් ලබා ගත හැකිය. සුපිරි වෙළඳසැල්, හෝටල් නවාතැන් පහසුකම්, ආහාර පාන, පාසල් ලිපිද්‍රව්‍ය සහ ෆාමසිවලින් බෙහෙත් මිලදී ගැනීම් ආදිය සඳහා කැපී පෙනෙන වට්ටම් පිරිනමා ඇත. මීට අමතරව දෙසැම්බර් මාසය තුළ ඉන්ධන සඳහා කරනු ලබන ගෙවීම් හා මුදල් අත්තිකාරම් හැර රක්ෂණ, අධ්‍යාපනික සහ රෝහල් ගාස්තු ගෙවීම් මෙන්ම වෙනත්  ඕනෑම ගනුදෙනුවක් සඳහා මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් ද පාරිභෝගිකයින්ට පිරිනමා ඇත.

”හැමදාමත් වගේ නත්තල් කාලය HNB අපට ඉතාමත් උද්යෝගිමත් කාලයක්. සෑම වසරකම අපි අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සමඟ නත්තල් සමය උත්සවශ‍්‍රීයෙන් සමරනවා. මෙම සමයේදී දිවයින පුරා සිටින අපගේ පුළුල් වෙළෙඳ හවුල්කාර ජාලය තුළින් විවිධ දීමනා රැසක් පිරිනමා තිබෙනවා. කොවිඞ් වසංගතය හේතුවෙන් මේ වසරේදී ඇති වූ අභියෝගාත්මක ආර්ථික තත්වයන් සැලකිල්ලට ගෙන අපගේ කාඞ්පත්හිමියන්ට එදිනෙදා ගනුදෙනු කටයුතු කිරීම සඳහා සහාය වීමට පමණක් නොව ඔවුන්ට විනෝදාත්මක අත්දැකීම් ලබා දීමට ද අපි කටයුතු කරනවා.” යනුවෙන් HNB කාඞ්පත් අංශ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවාය.

https://www.hnb.net/personal/promotions/card-promotions#secoffers වෙත පිවිසීමෙන් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.

Visits: 88