නව මුහුණුවරකින් විවෘත වූ ශ්‍රීලංකන් Serenediva විවේකාගාරය

බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපළේ පිහිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  Serenediva විවේකාගාරය පසුගියදා නැවත විවෘත කරන ලද බව පවසයි. මාස 11ක කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා තිබූ මෙම විවේකාගාරය  සුඛෝපභෝගී පහසුකම් වලින් සමන්විත වේ.

එමගින් මගීන්ට ඔවුන්ගේ මීළඟ ගුවන් ගමන තෙක් බලා සිටින අතරතුර සුව පහසු විවේකයක් ලබා ගැනීම සඳහා ඉඩකඩ ලබාදේ.පවතින වසංගතය සැලකිල්ලට ගනිමින් ඉහළම සෞඛ්‍ය සහ ආරක්‍ෂිත ප්‍රමිතීන් පවත්වාගෙන යන ආරක්ෂිත පරිසරයක් ද මෙහි පැවතීම විශේෂත්වයක්.

දැකුම් කලු දුඹුරු වර්ණයෙන් නිමවා ඇති නවීකරණය කරන ලද විවේකාගාරයේ අභ්‍යන්තරය, හරිත වර්ණයෙන් සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසිකසන්ධිස්ථාන බිතුසිතුවම් වලින් හැඩගන්වා තිබේ. මගීන්ට විවේකීව සිටීමට උපකාර කිරීම සඳහා සන්සුන් වාතාවරණයක් එහි ලබා දෙයි.

Serenediva විවේකාගාරයෙහි පාරිභෝගිකයින් පනහකට පමණ නවාතැන් ගත හැකි අතර, ඔවුන්ට සම්පූර්ණ සේවාවක් භුක්ති විඳිය හැකි වේ. ශ්‍රීලංකන් කේටරින් අංශය  විසින් විවේකාගාරය සඳහා නැවුම් ලෙස සකස් කරන ලද ප්‍රණීත ආහාරපාන බුෆේ  ක්‍රමයට ලබාදෙන අතර  බීම වර්ග සහ බාර් සේවාව දමගීන්ට තෝරා ගත හැකිය. විවේකාගාරය  තුළ නොමිලේ  සියලුම අන්තර්ජාල සේවාවන් සහ Wi-Fi  සේවාවද ලබාගත හැකි වේ.

Serenediva විවේකාගාර සේවාව Economy පංතියේ පියාසර කරන FlySmiLes Platinum, FlySmiLes Gold, oneworld Emerald සහ oneworld Sapphire සාමාජිකයින්ට ද ලබාගත හැකිවේ. සංචාරක සීමාවන් ලිහිල් කිරීමත් සමඟ පසුගිය මාස කිහිපය තුළ ජාත්‍යන්තර සංචාර යථා තත්ත්වයට පත් වීමේ ලකුණු පෙන්නුම් කරන බැවින් BIA හරහා ගමන් කරන මගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වී තිබේ.එබැවින්, මෙම ශීත සෘතුවේ අපේක්ෂිත සංචාරක පැමිණීමත් සමඟ විවේකාගාර පහසුකම් සඳහා වැඩි ඉල්ලුමක් අපේක්ෂා කළ හැකිය.

විදේශ සංචාරවල ‘නව සම්මතය’ බවට පත්ව ඇති COVID-19 ආරක්ෂණ  සීමාවන් තුළ ජාත්‍යන්තර සංචාරකයින්ට වැඩි සේවාවක් ලබා දීම සඳහා  මෙම විවේකාගාරය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.ශීත ඍතුවේ දී විවෘත  කරන ලද Serenediva විවේකාගාරය  මගින් කොළඹ හරහා ගමන් කිරීමට වෙන් කර ඇති ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සහ වන්වර්ල්ඩ් පාරිභෝගිකයින්ට විවේකී සහ ආරක්‍ෂිත පහසුකමක් සලසා දෙයි.

Visits: 77