මහජන බැංකුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ජංගම අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රණයක්

මහජන බැංකුවේ 60 වැනි සාංවත්සරික සැමරුම් සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙසින් මහජන බැංකු සේවක ප‍්‍රජාවගේ දායකත්වයෙන් කොවිඞ් 19 ආසාදිත රෝගින්ට ප‍්‍රතිකාර කිරීමේදි ප‍්‍රයෝජනවත් වන රුපියල් මිලියන 7 කට අධික වටිනාකමින් යුත් ජංගම අධි තාක්ෂණික ස්කෑනර් යන්ත‍්‍රයක් (Portable Ultra Sound Scanner) යාපනය, ශික්ෂණ රෝහලට පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ  ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන එස්. ශී‍්‍රභවන්තරාජා, සී. ජමුනාතා, මහජන බැංකුවේ අලෙවි ප‍්‍රධානී නාලක විජයවර්ධන, යාපනය ප‍්‍රාදේශීය කළමනාකාර කේ. කොඩිස්වරන්, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාර එම්. මදියලගන්, යාපනය ස්ටැන්ලි වීදිය ශාඛා කළමනාකාර පී. ප‍්‍රදීපන් මහතා ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහ රෝහල් කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

කොවිඞ් 19 වසංගත තත්වය පහව ගිය පසු මෙම යන්ත‍්‍රය වෙනත් රෝගින්ගේ ප‍්‍රයෝජන සඳහා භාවිතා කිරීමට අපේක්ෂිතය. මහජන බැංකුවේ 60 වැනි සාංවත්සරික සැමරුම් සමාජ සත්කාර වැඩසටහන් මාලාව යටතේ මීට පෙර කොළඹ සහ මහනුවර ජාතික රෝහල් සඳහා කොවිඞ් 19 අධි සත්කාර ඒකකයට මෙම ජංගම අධි තාක්ෂණික ස්කෑනර් යන්ත‍්‍ර පිරිනැමීමට මහජන බැංකුව කටයුතු කරන ලදි.

Visits: 34