LOLC General Insurance මූලික කොටස් නිකුතුව දෙසැම්බර් 16 දා

LOLC සමූහය යටතේ පූර්ණ අනුබද්ධිත පරිපාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක LOLC General Insurance Limited සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වීම සඳහා වන මූලික කොටස් නිකුතුව ලබන දෙසැම්බර් 16 වැනිදා සිදු කරන බව පවසයි.

මෙම ලැයිස්තුගතවීම සඳහා කොළඹ කොටස් හුවමාරුව වෙතින් තම සමාගම වෙත අනුමැතිය හිමිව ඇතැයි එම සමාගම පසුගියදා නිවේදනයක් මගින් සඳහන් කෙරිණි. එහිදී LOLC General Insurance Limited සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි දිරි සවි පුවරුවෙහි ලැයිස්තුගත වෙනු ඇතැයි සඳහන් වෙයි.

සමාගම අනාවරණය කරන ආකාරයට මෙම මූලික කොටස් නිකුතුව යටතේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 120,000,000ක් නිකුත් කිරිමට නියමිතව ඇත. එහිදී කොටසක් රුපියල් 7.90ක් ලෙස සඳහන්ව ඇති අතර, එම නිකුතුවේ මුළු වටිනාකම රුපියල් මිලියන 948කි (948,000,000ක්).

මෙම නිකුතුවේ ඒකාබද්ධ කළමනාකරුවන් ලෙස පී.ඩබ්ලිව්. කෝපරේට් සෙක්‍රටේරියල් (පෞද්) සමාගම සහ කැපිටල් ට්‍රස්ට් පාර්ට්නර්ස් (පෞද්) සමාගම කටයුතු කරන බව පවසයි.

Visits: 984