Daraz 11:11 ඇණවුම් සුපිරි වේගයෙන් රට පුරා

Daraz 11:11ප‍්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් Daraz මෙහෙයුම් කණ්ඩායමේ 1500 කට අධික සාමාජික පිරිසකගේ දින ගණනාවක කැපවීමෙන්, පාරිභෝගිකයන් විසින් ඇණවුම් කළ 200, 000 කට අධික භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු කඩිනමින් සිදුකරනු ලැබූ බව පවසයි.

Daraz 11:11ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ පාරිභෝගිකයන් විසින් ඇණවුම් කළ භාණ්ඩ බෙදාහැරී නොවැම්බර් 11 වෙනිදා මධ්‍යම රාත‍්‍රිය පුරා සිදු කළ අතර පළමු භාණ්ඩ ඇණවුම එදින අලූයම 1.24ට සිදුකෙරුණේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වේගවත්ම අන්තර්ජාල ඇණවුම් භාණ්ඩ බෙදාහැරීමේ වාර්ථා අතරට එක්වෙමිනි.

බෙදාහැරීම සතියේ දින 7 ම 24 පැය පුරා ක‍්‍රියාත්මක වන Daraz බෙදාහැරීමේ විශිෂ්ඨ සේවය සමග Daraz 11:11මෙවරත් ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල අලෙවි වැඩසටහන ලෙස ශ්‍රී ලාංකීය විද්‍යුත් වාණිජ ඉතිහාසයට එක් විය.

ඇණවුම් කළමනාකරණය,භාණ්ඩ තත්ත්ව පරීක්ෂාව, සීඝ‍්‍රගාමී බෙදාහැරීම යන කටයුතු සඳහා පළපුරුදු කාර්යශූර කාර්ය මණ්ඩලයක් Daraz මෙහෙයුම් කණ්ඩායමේ සේවය කරති. පාරිභෝගිකයන් වෙත කවදත් හොඳම සේවාවක් සැපයූ Daraz මෙවර 11:11ප‍්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් වඩා වේගවත් බෙදාහැරීමේ ක‍්‍රියාවලියක් සඳහා 1000 ක අතිරේක කාර්ය මණ්ඩලයක් යොදවනු ලැබීය.

Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු මහතා 11:11වැඩසටහනේ බෙදාහැරීම් ක‍්‍රමවේදය පිළිබඳ අදහස් දක්වමින් “11:11 ප‍්‍රවර්ධන වැඩසටහනට ලැබුණ වාර්තාගත විශාල ඇණවුම් ප‍්‍රමාණය නිසි ආකාරයෙන් කළමනාකරණය කරගනිමින්, ගුණාත්මක භාණ්ඩ තෝරාගෙන වේගවත් බෙදාහැරීමේ ක‍්‍රමවේදයක් යටතේ ඒවා ආරක්ෂාකාරී ලෙස පාරිභෝගිකයා අතට පත් කිරීම වෙනුවෙන් අපේ කණ්ඩායම දිවා රැය නොබලා ඉතා කැපවීමෙන් ක‍්‍රියා කළා. අන්තර්ජාල ඇණවුමක් මෙතරම් වේගවත් හා සුරක්ෂිත ක‍්‍රමවේදයක් යටතේ පාරිභෝගිකයන් වෙත සමීප වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් පුදුමයට පත්වූ අතර එවැනි තෘප්තිමත් පාරිභෝගික පිරිසක් නිර්මාණය වීම වක‍්‍රාකාරයෙන් අපේ රටේ සමස්ථ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ දියුණුවටත් බලපාන කාරණාවක් වෙනවා.”යැයි පැවසීය.

Visits: 125