පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති දිමුත් ප්‍රසන්න එල්.බී. ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

එල්.බී. ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස රසික දිමුත් ප්‍රසන්න මහතා පත් කරගත් බව එම සමාගම නිවේදනය කරයි.

2021 දෙසැම්බර් 01 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදුව තිබේ. මෙහිදී ඒ මහතා එල්.බී. ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරී ඇත.

මේ අතර අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම ලබන අවස්ථාව වනවිට දිමුත් ප්‍රසන්න මහතා සතුව එල්.බී. ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් අනාවරණය කෙරී තිබේ.

මෙම පත්වීම ලබන අවස්ථාව වන විට දිමුත් ප්‍රසන්න මහතා වැලිබල් වන් සමූහයට අයත් රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය. එහිදී ඔහු එම සමාගමේ පරිපාලිත සමාගම් තුනක් වන රොසෙල් බාත්වෙයා ලිමිටඩ්, රොසෙල් සෙරමික්ස් ඩිස්ට්‍රිබියුටර්ස් (පෞද්) සමාගම සහ රොසෙල් ප්‍රොපර්ටිස් ලිමිටඩ් යන සමාගම්වල අධ්‍යක්ෂවරයා විය.

එසේම වැලිබල් වන් සමූහයටම අයත් ඩෙල්මේජ් ෆෝර්සිත් ඇන්ඩ් කම්පැනි (එක්ස්පෝර්ට්) සමාගම, ඩෙල්මේජ් කොයිර් (පෞද්) සමාගම,  ඩෙල්මේජ් ෆෝර්සිත් ඇන්ඩ් කම්පැනි (ෂිපිං) සමාගම, ලෙවිස් ෂිපිං පෞද් සමාගම, ඩෙල්මේජ් එයාර් සර්විසස් (පෞද්) සමාගම, ඩෙල්මේජ් ඒවියේෂන් සර්විසස් (පෞද්) සමාගම, ලෙවිස් බුවුන් එයාර් සර්විසස් (පෞද්) සමාගම, ඩෙල්මේජ් ඒරෝ සර්විසස් (පෞද්) සමාගම, ඩෙල්මේජ් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (පෞද්) සමාගම සහ ඩෙල්මේජ් එයාර්ලයින් සර්විසස් (පෞද්) සමාගම යන සමාගම්වලද ඒ මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.

එසේම ඒ මහතා වයිස් ප්‍රොපර්ටි සොලියුෂන් (පෞද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාද විය. මීට අමතරව කන්ට්‍රි එනර්ජි (පෞද්) සමාගම, වයිස් හෝම්ස් (පෞද්) සමාගම, ලා ෆෝර්ට්ට්‍රස් (පෞද්) සමාගමේද ඔහු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.

දිමුත් ප්‍රසන්න මහතා මීට පෙර 2017 වසරේ සිට 2021 දක්වා පෑන් ඒෂියා බැංකුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. 2021 අප්‍රේල් මාසයේදී ඔහු ඉන් විශ්‍රාම ගිය අතර, ඔහු එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වසර නවයක කාලයක් සම්පූර්ණ කිරීමත් සමගින්ම එම ඉවත් වීම සිදුවිය.

Visits: 176