LOLC CEYLON Holdings Limited සමාගම LOLC CEYLON Holdings PLC වෙයි

LOLC සමූහය විසින් විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා වන වේදිකාවක් ලෙස ස්ථාපිත කළ LOLC CEYLON Holdings Limited සමාගම LOLC CEYLON Holdings PLC ලෙස නම් වෙනස් කිරිමක් සිදු කර ඇතැයි පවසයි.

එම සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කළ ණයකර නිකුතුවෙන් අනතුරුව එහි ලැයිස්තුගත, වගකීමෙන් සීමාසහිත පොදු සමාගමක් බවට පත්වීමත් සමගින්ම මෙම නම් වෙනස් කිරීම සිදුව ඇත.

ඒ අනුව 2021 නොවැම්බර් මස 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නම් වෙනස් කිරීම සිදුව ඇතැයි LOLC CEYLON Holdings PLC සමාගම පවසයි.

මෙහිදී 2007 අංක 07 දරණ සමාගම් පනතේ 08 වන වගන්තියේ ප්‍රතිපාදනයන්ට අනුකූලව මෙලෙස LOLC CEYLON Holdings Limited සමාගමේ නම LOLC CEYLON Holdings PLC ලෙස වෙනස් කළ බව සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතව තිබෙන LOLC සමූහයට අයත් මූල්‍ය ආයතන තුනක් තුළ LOLC Holdings PLC සමාගම සතුවූ කොටස් එකතු කරමින් මෙම නව LOLC CEYLON Holdings PLC සමාගම පිහිටුවීම සිදුවිය.

මෙම නව LOLC Ceylon Holdings PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ ඉෂාර නානායක්කාර (විධායක නොවන – ස්වාධීන නොවන අධ්‍යක්ෂ/සභාපති), කේ.ඒ.කේ.පී. ගුණවර්ධන (විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ), දුලිප් රසික සමරවීර (විධායක නොවන – ස්වාධීන අධ්‍යක්ෂ), ආචාර්ය. ජේ.එම්. ස්වාමිනාදන් (විධායක නොවන – ස්වාධීන අධ්‍යක්ෂ), ඩබ්ලිව්.ආර්.ඒ. ධර්මරත්න ((විධායක නොවන – ස්වාධීන අධ්‍යක්ෂ) යන මහත්වරුන්ය.

Visits: 442