නිෂාල් ෆර්ඩිනාන්ඩු JAT Holdings PLC අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත JAT Holdings PLC සමාගම සිය අලුත්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා ලෙස නිෂාල් ෆර්ඩිනාන්ඩු මහතා පත් කර ගත් බව නිවේදනය කර සිටියි. පසුගිය නොවැම්බර් 26 වැනිදා සිට බලාත්මක වන ලෙස මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිටත් ෆර්ඩිනාන්ඩු මහතා JAT Holdings PLC සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියේය. 2017 වසරේදී ඔහු එම ධුරයට පත් වූ අවස්ථාවේ සිට සමාගම කැපී පෙනෙන තිරසාර දියුණුවක් අත් කරගත් බවත් එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙම නව පත් කිරීමත් සමගින්ම නිෂාල් ෆර්ඩිනාන්ඩු මහතා JAT Holdings PLC හි ප්‍රධාන විධායක නිලධාරියාට අමතරව එම සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරනු ඇතැයි පැවසෙයි. JAT Holdings නිර්මාතෘ ඒලියන් ගුණවර්ධන මහතාට පසුව මෙලෙස එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා විධායක අධ්‍යක්ෂවරයෙකු පත් කෙරුණු දෙවැනි අවස්ථාව මෙයයි.

JAT Holdings PLC හා සම්බන්ධ වීමට පෙරාතුව නිෂාල් ෆර්ඩිනාන්ඩු මහතා 2010 සිට 2017 දක්වා වසර හතක කාලයක් මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිට ඇත. එහිදී ඔහු එම සමාගමේ විධායක අධ්‍යක්ෂ ධුරයක් හොබවා තිබේ.

හාර්වර්ඩ් බිස්නස් ස්කූල්හි ආදි ශිෂ්‍යයෙකු වන නිෂාල් ෆර්ඩිනාන්ඩු මහතා, වේල්ස් විශ්වවිද්‍යාලයෙන් එම්.බී.ඒ. උපාධිය හිමි කරගෙන තිබේ. ඔහු කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳවද හදාරා ඇතැයි සඳහන් වෙයි.

මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති JAT Holdings PLC හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඒලියන් ගුණවර්ධන මහතා,, නිෂාල් සතු ව්‍යාපාරික ඥානය සහ නිපුණත්වය සම්බන්ධයෙන් තමන් තැබූ විශ්වාසය JAT Holdings PLC හි ජයග්‍රාහී ක්‍රමෝපායක් බවට පත්ව ඇතැයි සඳහන් කර ඇත. ඒ අනුව ඔහු අනාගතයේදී JAT Holdings PLC මීටත් වඩා ඉහළ ස්ථානයකට ඔසවා තැබීමට කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තුව සිටින බවත්, ඒ සඳහා ඔහු ලබා දෙන දායකත්වය වෙත වටිනාකම් එක් කිරීමක් සිදු කළ බවත් පවසා තිබේ.

විශේෂයෙන්ම ෆර්ඩිනාන්ඩු මහතාගේ නායකත්වය යටතේ JAT Holdings PLC සමාගම වෙත කැපී පෙනෙන වර්ධනයක් සහ ව්‍යාප්තවීමක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. එහිදී මූලිකවම සමාගම සාර්ථක මූලික කොටස් නිකුතුවක් සිදු කරමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වූ බවත් පවසයි.

එසේම ඔහුගේ මගපෙන්වීම යටතේ JAT Holdings PLC වෙත සුප්‍රසිද්ධ හැරිස් බුරුසු මෙරට වෙත නිෂ්පාදනය සහ බෙදාහැරීම වෙත යොමුවීමේ අවස්ථාවක් හිමිව ඇති බවත්, ඉදියේදී සමාගම සිය කර්මාන්තශාලා කෙන්යාව, උගන්ඩාව සහ ඝානාව තුළ පිහිටුවමින් සිය මෙහෙයුම්  අප්‍රිකාව වෙත ව්‍යාප්ත කිරිමටත් කටයුතු යොදන බවත් පවසයි.

Visits: 187