EML Consultants Limited සමාගම EML Consultants PLC වෙයි

රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් සඳහා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳව උපදේශන ලබා දෙන සමාගමක් වන  EML Consultants Limted සමාගම සිය නම EML Consultants PLC ලෙස වෙනස් කර ඇතැයි නිවේදනය කරයි.

2021 නොවැම්බර් 19 වැනි දින සිට මෙම නම් වෙනස බලාත්මක වන බව සමාගම සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වෙමින් පොදු සමාගමක් බවට පත්වීමත් සමගින්ම මෙම නම් වෙනස් කිරීම සිදුව තිබේ. (EML.N0000) යන කේතය යටතේ සමාගම අද වනවිට ගනුදෙනු සිදු කරයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම ලැයිස්තුගත වීම සිදු වූ අතර, එහිදී කොටස් හුවමාරුවෙහි MPOWER පුවරුවෙහි ලැයිස්තුගත වූ දෙවැනි සමාගම බවටත් EML Consultants Limited සමාගම ඉතිහාසයට එක් විය.

2007 අංක 07 දරණ සමාගම් පනතේ 08 වැනි වගන්තියේ ප්‍රතිපාදනයන්ට අනුකූලව මෙලෙස EML Consultants Limited සමාගමේ නාමය EML Consultants PLC ලෙස වෙනස් කරන බව සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2021 නොවැම්බර් 19 වැනිදා සිය EML Consultants PLC ලෙස එම සමාගම සංස්ථාගත කරන ලද බවට සහතික කරන බවත්, එම සමාගම වගකීමෙන් සීමාසහිත සමාගමක් බවත් සහතික කරන බවත් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කරයි.

අද දිනයේ ගනුදෙනු අතරතුරදී EML Consultants PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 29.50ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ පැවැති රුපියල් 23.30ට සාපේක්ෂව රුපියල් 6.20ක එනම් 26.61%ක වර්ධනයකි.

Visits: 233