පැරා මලල ක්‍රීඩකයන් සවිබල ගැන්වීම සඳහා MAS Holdings සහ NPC අවබෝධතා ගිවිසුමකට

MAS Holdings අනුබද්ධිත MAS Innovation (Pvt.) Ltd ආයතනය විසින් මෙරට ජාතික පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ප්‍රමිතියෙන් ඉහළ, නව ක්‍රීඩා ඇඳුම් ලබා දීම සඳහා ජාතික පැරාඔලිම්පික් කමිටුව (NPC) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.

2021 නොවැම්බර් 23 වන දින MAS සහ NPC අතර අත්සන් කෙරුණු මෙමඅවබෝධතා ගිවිසුමට අනුව ඉදිරිවසර 2හි දී NPC හි නිල ක්‍රීඩා ඇඳුම් සහකරු ලෙස MAS සමාගම කටයුතු කරන අතර,ශ්‍රී ලංකා පැරාඔලිම්පික් කණ්ඩායම  දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදු කරනු ලබන  පුහුණුවීම්, තෝරා ගැනීමේ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීම්සහ තරඟ සියල්ලක්  සඳහා ම ක්‍රීඩා නිල ඇඳුම් සපයනු ලබන්නේ MAS විසිනි.

ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදකයෙකු මෙන් ම දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් සහ ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදකයා වන MAS සමාගම වෙතින්, මෙම ගිවිසුමට අනුව ප්‍රථම වතාවට නිල ක්‍රීඩා ඇඳුම් ලබාගන්නේ මෙවර ආසියානු යොවුන් පැරා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වීම විශේෂිත ය.

NPC හි සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතා මෙහිදී සිය අදහස් දක්වමින් “සමස්ත රටවල් 35කට වැඩි ප්‍රමාණයක සහභාගීත්වයෙන් බහරේන්හිදී පැවැත්වීමට නියමිත 3 වැනි ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්,  යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගි වීමට නියමිතයි. මෙම  ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ තරඟ කාණ්ඩ යටතේ තරග වදින අතර, මේ වෙනකොට ඔවුන් කොළඹදී අවසන් පුහුණුවීම්කටයුතුවල නිරත වෙමින් සිටිනවා. ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් වී ඇති ශ්‍රී ලාංකික සමාගමක් විදියට MAS සමාගම ලබා දෙන මෙම අනුග්‍රාහකත්වය අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නංවා ගැනීම සඳහා විශාල ශක්තියක්.” යනුවෙන් පවසයි.

ශ්‍රී ලංකාවේ පමණක් මිලියන 1.7කට වැඩි පිරිසක් යම් හෝ ආබාධිත තත්ත්වයකින් පසු වන බව සංඛ්‍යා ලේඛන තහවුරු කරයි. පැරා ක්‍රීඩා සඳහා උනන්දුවක් දක්වන, වයස අවුරුදු 15 ත් 35 ත් අතර බොහෝ දෙනෙක් සමාජහා ආර්ථිකමය අභියෝගයන් හේතුවෙන්එම අරමුණ අතහැර දමන අතර, ඊට යොමු වුවද ක්‍රීඩා සමාජ මට්ටමට හෝ ජාතික මට්ටමට යොමු වීමට අවස්ථාව ලැබෙන්නේ ඉන් ස්වල්ප දෙනෙකුට පමණි.

MAS හි ප්‍රධාන නවෝත්පාදන නිලධාරී රනිල් විතාරණ මහතා අදහස් දක්වමින් “මේ රටේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගය දැක්වීමට සහ ඔවුන් සවිබල ගැන්වීමට ලැබීම ගැන අපි ඉතාමත් ආඩම්බර වෙනවා.” වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ජාතික පැරා ක්‍රීඩාවල ප්‍රමිතිය ඉහළ නංවමින්, පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා වර්ධනය කිරීම MAS සහයෝගීතාවේ ප්‍රධාන අරමුණ බවයි.

දැනට වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය හා සාම්ප්‍රදායික ඇඳුම් නිසා ආබාධ සහිත පුද්ගලයින්මුහුණ දෙන විවිධ අපහසුතා හඳුනා ගනිමින්, ඔවුන්ගේ  අවශ්‍යතාවන්ට සරිලන අයුරින්’අනුවර්තන ඇඟලුම්(Adaptive Apparel)නිෂ්පාදනය කිරීම MAS ආයතනය 2019වසරේ දී ආරම්භ කළේ ය.ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ  වෘත්තිකයින්මගින් සිදු කෙරුණු  පුළුල් පර්යේෂණයන්ඔස්සේ මෙම සුවිශේෂී ‘අනුවර්තන ඇඟලුම්’ නිෂ්පාදනය කිරීමට MAS සමාගම කටයුතු කරයි.

“MAS හි ප්‍රධානතම අරමුණ වන්නේ විශ්වීය මෝස්තර නිර්මාණයන්, සුවිශේෂී ඇඟලුම් නිෂ්පාදනයන් සහ ‘අනුවර්තන ඇඟලුම්’ භාවිතය ලොවපුරා ජනතාව වෙත සමීප කිරීමයි.ඒ වගේ මඑම නිෂ්පාදනයන්

තුළින් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ හැකියාවන් අවබෝධ කරගනිමින් එම හැකියාවන් වැඩිදියුණු කරගැනිම සඳහා අපි සහයෝගය ලබා දෙනවා”යනුවෙන් විතාරණ මහතා වැඩිදුරටත් පැවසීය.

‘අනුවර්තන ඇඟලුම්’නිර්මාණය හා පරීක්ෂා කිරීමසඳහා මෙරට කීර්තිමත් පැරා මලල ක්‍රීඩිකාවන් වන අමරා ඉන්දුමතී සහ 2020ටෝකියෝපැරාඔලිම්පික් උළෙලට සහභාගී වූ කුමුදු ප්‍රියංකා ඇතුළු ආබාධ සහිත පුද්ගලයින් 380 කට අධික සංඛ්‍යාවක් MAS සමග අත්වැල් බැඳගෙන සිටී. NPC සමග ගොඩනගාගත් මෙම සහයෝගීතාව, ආබාධ සහිත පුද්ගලයින්ට සහයෝගය ලබා දීම වෙනුවෙන් MAS සමාගමෙහි කැපවීම පිළිබඳව උදාහරණ සපයයි.

Visits: 36