Advocata Institute මගින් පවත්වන “ආර්ථිකයට ජාතික සම්මුතියක්?” සංවාදය අද සවස 6.00ට

මෙරට ක්‍රියාත්මක මුල් පෙළේ බුද්ධි මණ්ඩපයක් වන ඇඩ්වොකාටා ආයතනය (Advocata Institute) මගින් සංවිධානය කරනු ලබන “ආර්ථිකයට ජාතික සම්මුතියක්?” සංවාද​ය අද (24දා)  සවස 6.00ට පැවැත්වෙයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වෙන මෙම සංවාදය සඳහා මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධානතම දේශපාලන පක්ෂ තුනක මහජන නියෝජිතයන් වෙත ආරාධනා කර ඇතැයි ඇඩ්වොකාටා ආයතනය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරුන් දෙපළත්, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාඨලී චම්පික රණවක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් දෙපළත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයකරමින් විජිත හේරත් මහතාත් ඊට සහභාගි වෙයි.

මෙම සංවාදාත්මක වැඩසටහනේ ප්‍රධාන දේශනය ලර්න්ඒෂියා ආයතනයේ සභාපති සහ ඇඩ්වොකාටා ආයතනයේ උපදේශකවරයෙකු වන මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් සිදු කරනු ලබයි.

මෙම සංවාදය අද දින සවස 6 සිට Advocata Facebook පිටුව හා Advocata Youtube චැනලය ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව පවතින බවත් සඳහන් වෙයි.

වැඩසටහන මෙහෙයවීම ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු සහ එහි පර්යේෂණ විශ්ලේෂක සත්‍යා කරුණාරත්න යන දෙපළ විසින් සිදු කරනු ලබයි.

Visits: 42