කොමර්ෂල් බැංකුවේ ‘ඩබල් කෑෂ්’ ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග

කොමර්ෂල් බැංකුව විසින් වෙස්ටර්න් යුනියන් සහ මනිග‍්‍රෑම් යන ගෝලීය මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග එක්ව දියත්කළ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ එම සේවාවන් මගින් කොමර්ෂල් බැංකුවේ ශාඛාවක් හරහා මුදල් පේ‍්‍රෂණ ලබාගත් ගනුදෙනුකරුවන් 16 දෙනෙකුට තම පේ‍්‍රෂණ මුදල් දෙගුණ කර ගැනීමේ අවස්ථාව ලබාදී තිබුණි.

මේ අනුව, නොවැම්බර් 15 වනදා අවසන් වූ සතිපතා දිනුම් ඇදීමේදී වෙස්ටර්න් යුනියන් හරහා පේ‍්‍රෂණ මුදල් ගෙන්වාගත් ගනුදෙනුකරුවන් 08 දෙනෙකු සහ මනිග‍්‍රෑම් හරහා පේ‍්‍රෂණ මුදල් ගෙන්වාගත් ගනුදෙනුකරුවන් 08 දෙනෙකු මෙම ජයග‍්‍රහණය ලබාගත් බව බැංකුව සඳහන් කරයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ කොමර්ෂල් බැංකුව විසින් රුපියල් 800,000 ක් දක්වා සමස්ත ත්‍යාග මුදල් ලබාදීමට ඉදිරිපත් කර තිබුණි.

Visits: 33