RakutenViber ලසිත් මාලිංග සමඟ එක්ව නැවත වරක් උද්වේගකර ක්‍රිකට් අත්දැකීම් ගෙන එයි

ශ්‍රී ලංකාවේ ප්‍රවීන වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග Viber හි ඔහුගේ පළමු නිල සමූහය එළිදැක්වීමට RakutenViber සමඟ එක් වූ බව ප්‍රකාශ කරයි. ඔහුගේ ක්‍රීඩා රසිකයින්ට දැන් AR තාක්ෂණ බලයෙන් ක්‍රියාත්මක වන කාච හරහා ඔහුගේ නිරූපිත විලාසිතාව සහ ස්ටිකර් ඇසුරුම් හරහා ඔහුගේ ජනප්‍රිය ක්‍රිකට් විලාසය අත්විඳිය හැකිය.

ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන්ට උද්වේගකර මුහුණුවරයන් සහ ක්‍රියාකාරකම් මාලාවක් හරහා අන් කවරෙකුටවත් වඩා ක්‍රිකට් අත්දැකීමක් ලබා දීම සඳහාලෝක පූජිත, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සමඟ RakutenViberහවුල්කරුවන් ලෙස එක් වීම ක්‍රිකට් ලෝලීන්ගේ සතුටට කරුණක් වනු ඇත.

මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ ජනප්‍රිය පණිවිඩකරණ වේදිකාවේ වඩාත්ම ප්‍රිය කරන මුහුණුවර සියල්ල මෙම ප්‍රවීණ වේගපන්දු යවන්නාගේ එක් ප්‍රවේගකාරී ක්‍රිකට් අත්දැකීමක් බවට එකතු කිරීමයි.

Viber ක්‍රිකට් ලෝලී රසිකයින්ට මාලිංග සමඟ සම්බන්ධ වීමට, අදහස් බෙදා ගැනීමට සහ ඔහුගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්වෙමින් නිල සමූහයක් සේ කටයුතු කිරීමසඳහා මෙම ස්ටිකර් ඇසුරුම් ලබා ගත හැකිවේ.Viber-මාලිංග හවුල්කාරීත්වයට Viberහි නවතම මුහුණුවර වන මාලිංග මත බලගැන්වූ AR- කාචද ඇතුළත් වනු ඇත.

උද්යෝගයෙන් පිරුණු ක්‍රිකට් සබඳතාවය එතැනින් අවසන් නොවේ. ලෝක කුසලානය අතරතුර Viber Cricket Talks Community හරහා මෙම ජනප්‍රිය වේග පන්දු යවන්නා සමඟ එක්වීමට රසිකයින්ට අවස්ථාව ඇත. එහිදී මාලිංගගේ කැමති කාච භාවිතා කරමින් ඔහු වෙනුවෙන් පණිවිඩයක් බෙදා ගන්නා සුපිරි වාසනාවන්ත ක්‍රීඩා ලෝලී රසිකයින් දස දෙනෙකුට මාලිංග සමඟ වීඩියෝ දර්ශන සහිතඇමතුමක් හරහා ඔහු ඇමතීම වැනි අසමසම අවස්ථා හිමිවේ.

තවද Viberහි අත්දැකීම වඩාත් සුවිශේෂී කරමින්  ක්‍රීඩා රසිකයින්ට මාලිංග විසින් ඔහුගේ නිල සමූහය තුළදිනපතා අසනු ලබන පැනයන් ඇතුළත් තරඟ සඳහා සහභාගී වී, ජය ලබන්නන් වෙනුවෙන් ඔහුගේ අත්සන සහිත ජර්සි දිනා ගැනීමට පවා අවස්ථාව උදාවනු ඇත.

“මගේ රසිකයින් වෙත විශේෂ අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා Viberසමඟ එක්වීමට මම තීරණය කළා. මගේ සියලු රසිකයින් සහ ආදරණීයයන් සමඟ සම්බන්ධ වීමට මෙය මට හොඳ වේදිකාවක් වනු ඇත. මම මගේ සමූහය තුළ බොහෝ පින්තූර, වීඩියෝ බෙදා ගන්නවා. ඒ වගේම මගේ රසිකයින්  ගොඩක් විනෝද විය යුතුයි. එම නිසා දිගටම මෙය පසු පස හඹා යන්න! ” Viberසමඟ ඇති හවුල්කාරීත්වය පිළිබඳව සිය අදහස් දක්වමින් මාලිංග සඳහන් කළේය.

“මාලිංග සිය ක්‍රිකට් දිවිය තුළදී ඔහුගේ රසික රසිකාවියන් හට ලබා දුන් සතුට සැමරීමට සහ එය බෙදා ගැනීමට මෙය කදිම අවස්ථාවක් වී ඇති බවට අප විශ්වාස කරනවා” යනුවෙන් RakutenViberහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ පැවසීය.

Visits: 100