Lanka SSL සමාගම, SLS ප්‍රමිතියෙන් යුතු එකම කටු කම්බි හඳුන්වාදෙයි

මෙරට SLS ප්‍රමිතිය හිමි එකම hot dipped ගැල්වනයිස් කම්බි නිෂ්පාදනයේ පුරෝගාමියාවන Lanka Special Steel Limited (Lanka SSL) සමාගම, සිය සුවිශේෂීත්වය නැවත වරක් ප්‍රදර්ශනය කරමින්, ශ්‍රී ලංකාවේ එකමSLS සහතිකය හිමි කටු කම්බි පසුගියදා දේශීය වෙළඳපොළට හඳුන්වා දීම සිදු කළ බව පවසයි.

ඉහළම ගුණාත්මක භාවයකින් යුත් කටු කම්බි නිෂ්පාදනය පිළිබඳ කීර්තියක් උසුළන Lanka SSL සමාගම යනු E B Creasy & CompanyPLC හි පූර්ණ අනුබද්ධිත ආයතනයකි.

ගුණාත්මකබව සහ නවෝත්පාදන පිළිබඳ නිරන්තර අවධානයක් යොමු කරන සමාගම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල ලෙස ආයෝජන සිදුකරයි. 2019 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලය සමඟ එක්ව ක්‍රියාත්මක කළ පර්යේෂණයකින් හෙළිදරව් වූයේ, (රටේ විවිධ ස්ථානවලට අදාළව මලකඩ කෑමේ හැකියාවට අනුපාතව) සමාගම නිපදවන hot dipped ගැල්වනයිස් කම්බිවල ආයු කාලය වසර 25ක් ද ඉක්මවන බවයි.

ISO 9001: 2015, ISO 45001:2018 සහතික හිමි Lanka SSL සමාගම දශක තුනකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ගැල්වනයිස් කම්බි නිෂ්පාදන අතුරින් ප්‍රමුඛයා ලෙස පාරිභෝගික භවතුන්ගේ විශ්වාසය දිනාගෙන ඇත. සපුගස්කන්දේ පිහිටි අති නවීන කර්මාන්තශාලා පරිශ්‍රයේදීනිපදවෙන මෙම කම්බි, ලොව උසස්ම තත්ත්වයේ නිෂ්පාදනහා සම තත්ත්වයේ පවතී.  SLS 139:2003 සහතිකය ලත් එකම නිෂ්පාදනය වන්නේ ද Lanka SSL සමාගමේ hot dipped ගැල්වනයිසස් කම්බිය යි. සමාගමේ නවතම කටු කම්බි නිෂ්පාදනයට SLS 31:1988 සහතිකය හිමිව තිබේ.

“වසර 25ක ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන කම්බි කර්මාන්තයේ පුරෝගාමියෙකු වශයෙන්,අපගේ පාරිභෝගිකයින්ට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන පිරිනැමීම සඳහා ඒවායේ ගුණාත්මකභාවය වැඩිකිරීමට අපි අඛණ්ඩව කැපවී සිටිමු. එවැනි පසුබිමක, SLS-31 ප්‍රමිතිය හිමි එකම කටු කම්බි නිෂ්පාදනය හඳුන්වාදීමට හැකිවීම අපට මහත් සතුටක්. අපගේ නිෂ්පාදන මෙහෙයුම් ආශ්‍රිත ගුණාත්මකභාවය, නවෝත්පාදනය හා තිරසාරබව පවත්වාගනිමින් අපගේ නිෂ්පාදන පෙළ සහ වෙළඳපොල තවදුරටත් පුළුල් කිරීම අපේ බලාපොරොත්තුවයි″, යනුවෙන් Lanka SSL ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ ප්‍රවීන් ද සිල්වා මහතා පැවසීය.

ඉදිරි මාස කිහිපයේදී සමාගමේ නිෂ්පාදන ගොනුව තවදුරටත් වර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ඉකුත් වසරේ අග භාගයේදී ටාටා ස්ටීල් ලිිමිටඩ්හි ගෝලීය කම්බි නිෂ්පාදන අංශය සමඟ සිය සබඳතා අලුත් සහ ශක්තිමත් කරගැනීමට ද Lanka SSL සමාගම කටයුතු කළේය. දිගු කාලයක පටන්, ටාටා ස්ටීල්හි උසස්ම තත්ත්වයේ කම්බි නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ එකම බලයලත් නියෝජිත වන්නේ ද Lanka SSL සමාගම යි.

මීට අමතරව, සාමාන්‍ය වෙල්ඩින් කටයුතු සඳහා භාවිත කළ හැකි, ‘Permaweld’ සන්නාමය යටතේ එන වෙල්ඩින් කූරු මෙරටට හඳුන්වා දීමට ද Lanka SSL ක්‍රියා කළ අතර, ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගමේ හාඩ්වෙයාර් අලෙවිසැල් බෙදාහැරීම් ජාලය මගින් එම නිෂ්පාදන රට පුරා බෙදාහැරීම සිදුවේ. 

අසමසම විශිෂ්ටත්වයක් හඹා යන සමාගමේ ව්‍යාපාර ගමන් මඟ විවිධ සම්මාන බුහුමන් රැසකින්ම වර්ණවත් වී තිබේ. මේ වසරේ මාර්තු මාසයේදී, කර්මාන්ත විශිෂ්ටත්වය සඳහා වූ 2020 CNCI Achiever සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ (නිෂ්පාදන අංශය) ජාතික රන් සම්මානය ද, Top Ten සම්මානය ද දිනාගැනීමට Lanka SSL සමාගම සමත්විය. එමෙන්ම SLAAQP පැවැත්වූ ගුණාත්මකභාවය හා ඵලදායීතාව උදෙසා වූ ජාතික සමුළුවේදී ද තවත් රන් සම්මානයක් හිමිකරගැනීමට සමාගමට හැකිවිය.

Visits: 75