කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී රුපියල් 2.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම (CARG.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ඒ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.00 ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි.

මෙය එම සමාගම මගින් 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවීමේ දිනය ලෙස ලබන දෙසැම්බර් 20 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 30 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි.

අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා (19දා) දිනයේදී කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 218.25ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 220.00ට සාපේක්ෂව රුපියල් 1.75කින් එනම් 0.80%ක පහත වැටීමකි.

Visits: 173