CT Holdings රුපියල් 1.55 බැගින් පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත CT Holdings PLC සමාගම (CTHR.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.55ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

 මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවිමක් බව සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 20 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 30 වැනිදා නම් කර තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් CT Holdings PLC සමාගම සඳහන් කරයි. CT Holdings PLC සමාගම අවසන් වරට සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීම පසුගිය ජූලි මාසයේදී සිදු කෙරිණි. එහිදී සෑම කොටසක් සඳහාම රුපියල් 2.90ක් බැගින් ගෙවිම සිදු විය. එය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් අවසන් ලාභාංශ ගෙවීම විය.

Visits: 132