යුනිලිවර් සමාගම සිය ගෝලීය තේ ව්‍යාපාරය ඩො.බිලියන 5.1 කට අලෙවි කර දමයි

ලොව මුල් පෙළේ බහුජාතික සමාගමක් වන යුනිලිවර් පීඑල්සී සමාගම සිය ගෝලීය තේ ව්‍යාපාරය වන Ekaterra සමාගම CVC Capital Partners සමාගම වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 5.1ක මුදලකට අලෙවි කිරිමට එකඟතාව පළ කර ඇතැයි වාර්තා වෙයි.

මෙම Ekaterra වෙළෙඳ නාමය යටතේ එකිනෙකට වෙනස් තේ සන්නාම 34ක් වෙළෙඳ පොළට නිකුත් කිරිම සිදුව තිබුණි. එහිදී Lipton, PG Tips, Pukka Herbs සහ TAZO යන සන්නාම මුල් තැනක් ගත් අතර, එම සමාගම පසුගිය 2030 වසරේදී පමණක් යූරෝ ඩොල්ර් බිලියන 2ක ආදායමක් රැස් කරගැනීමටත් සමත්ව ඇත.

කෙසේ වෙතත් යුනිලිවර් සමාගම සිය ඉන්දියානු, නේපාල සහ ඉන්දුනීසියානු තේ මෙහෙයුම් එලෙසින්ම පවත්වාගෙන යාමටත් බෝතල් කළ තේ (Pepsi Lipton ready-to-drink Tea)  සම්බන්ධයෙන් PepsiCo. සමගින් ඇති කරගෙන තිබූ ඒකාබද්ධ එකඟතාව එලෙසින්ම පවත්වාගෙන යාමටත් කටයුතු යොදා තිබේ.

මෙහිදී Ekaterra සමාගම CVC’s Capital Fund VIII වෙත අලෙවි කිරීම අත්පිට මුදලට සිදුවන බවත් එහිදී ඉදිරි ණයබරතාවකින් තොරව සිදුකරන මෙම ගනුදෙනුව 2022 දෙවැනි අර්ධයේදී පමණ නිමා කිරීමත් සැලසුම වී ඇතැයි යුනිලිවර් සමාගම සිය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

Visits: 988