EX-PACK වෙතින් රුපියල් ශත 20ක පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අලුත්ම සාමාජිකයා වන EX-PACK Corrugated Cartons Ltd. සමාගම (PACK.N0000) විසින් සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 0.20ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙම ලාභාංශ ගෙවීම 2021/2022 වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද EX-PACK Corrugated Cartons Ltd. සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන දෙසැම්බර් 20 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස නොවැම්බර් 30 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් EX-PACK Corrugated Cartons Ltd. සමාගම පවසයි.

අද දිනයේ ගනුදෙනු අවසානයේදී EX-PACK Corrugated Cartons Ltd. සමාගමේ කොටසක වටිනාකම රුපියල් 16.10ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ පැවැති රුපියල් 15.50ට සාපේක්ෂව ශත 60ක එනම් 3.87%ක ඉහළ යාමකි.

Visits: 302