5G තාක්ෂණය සහිත SAMSUNG Galaxy A22 5G දැන් ශ්‍රී ලංකාවේ

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් සිය Galaxy A22 5G පරිශීලකයින්ට ඔවුන්ගේ 5G හැකියාව සහිත ස්මාර්ට් ජංගම දුකතනය සඳහා මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් හි 5G Trial Network තුළ 5G අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව ලබා දී ඇතැයි නිවේදනය කරයි.

Galaxy A22 5G යනු OS upgrades සඳහා වසර දෙකක වගකීමක් සමඟින් පරිශීලකයින්ට 5G අත්දැකීමක් සඳහා 11 band තාක්ෂණය සහිත future-ready device එකකි. සැම්සුන් මෑතකදී 5G හැකියාව ඇති Samsung Galaxy S21 කාණ්ඩයේ Galaxy S21, Galaxy S21+ සහ Galaxy S21 Ultra සඳහා ඩයලොග් හි 5G Trial Network තුළට ප‍්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම අනුව යමින් මෙය සිදු කිරීම විශේෂත්වයකි.

සැම්සුන් සමාගම ඉහළ පෙළේ වෙළෙඳ නාම සහ අනෙකුත් සමාගම් සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මගින්  ඕනෑම වේලාවක,  ඕනෑම තැනක සිට Google Duo භාවිතා කරමින් ඉතා සුපැහැදිලි video chat කිරීමක සිට virtually lag-free gaming කිරීම දක්වා වූ වෙනත් කිසිඳු තැනක දැකිය නොහැකි වඩාත් ආකාර්ෂණීය 5G අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබා දෙයි. ලොව වඩාත්ම අත්දැකීම් සහිත වේගවත්ම 5G device නිෂ්පාදකයෙකු ලෙස සැම්සුන් එදිනෙදා 5G අත්දැකීම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටී.

”සියලූම smartphones භාවිතා කරන පරිශීලකයින්ට වඩාත් පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි මට්ටමට 5G තාක්ෂණය මේ වන විට පත්වෙමින් තිබෙනවා. Smartphones සපයන්නන් ලෙස අපගේ යුතුකම වන්නේ අපගේ පාරිභෝගිකයින් ඔවුන් මිලදී ගනු ලබන දෙයින් උපරිම ප‍්‍රයෝජන ලබා ගන්නා බව සහතික කිරීමයි. බොහෝ smartphones නිෂ්පාදකයින් තනි 5G device එකක් පමණක් ලබා දෙන නමුත් සැම්සුන් නිර්මාණශීලී ඉතා මිල අධික smartphones වල සිට මිල ගැන සැලකිලිමත් වෙමින් පහසුවෙන් මිලදී ගත හැකි smartphones හා ප‍්‍රබල ඵලදායීතාවයෙන් යුත් 5G tablets දක්වා පුද්ගලයින් එවැනි devices භාවිතා කරන ප‍්‍රමාණය තරමටම විවිධ වර්ගයේ අධිවේගී 5G devices නිෂ්පාදනය කරනු ලබනවා. සැම්සුන් Galaxy A කාණ්ඩය එයටම සුවිශේෂී වූ හැකියාවන්ගෙන් සමන්විත වන අතර ඩයලොග් හි 5G Trial Network හරහා 5G අත්දැකීම විඳ ගැනීමට පරිශීලකයින්ට අවස්ථාව ලබා දීමෙන් අප තවත් එක් පියවරක් ඉදිරියට තැබුවා. අපගේ පාරිභෝගිකයන් මෙම නව තාක්ෂණය වැළඳ ගැනීමට එක්රොක් වී සිටින ආකාරය දැකීමෙන් අප ආඩම්බරයටත් සතුටටත් පත් වන අතර ඔවුන්ට සැමවිටම හොඳම තාක්ෂණික අත්දැකීමක් ලබා දීමට අප උත්සාහ කරනවා.’’ යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

සැම්සුන් හි විවිධ කාණ්ඩවලට අයත් smartphones විශාල සංඛ්‍යාවක් වෙත සිය 5G හැකියාවන් ව්‍යාප්ත කර ඇති අතර 2022 දී ඔවුන්ගේ සියලූම smartphones වලට 5G තාක්ෂණය ව්‍යාප්ත කිරීමට පොරොන්දු වී ඇත.

අළු සහ වයලට් යන වර්ගයන්ගෙන් වෙළෙ`දපොලට පැමිණෙන Galaxy A22 5G පරිශීලකයන්ට තමන්ගේ අදහස් හා අනන්‍යතාව ප‍්‍රදර්ශනය කිරීමේ අවස්ථාව සලසා තිබේ. MediaTek Dimensity 700 ප්‍රෙසෙසරයකින් බලගැන්වුනු Galaxy A22 5G විවිධ apps භාවිතයේදී සහ browse කිරීමේදී පවා එහි ප‍්‍රශස්ත කාර්ය සාධනය, එකවිට වැඩ කිහිපයක් කිරීමේ හැකියාව හා ක‍්‍රියාකාරීත්වය මෙන්ම අවම බල ශක්ති පරිභෝජනය මනාව ප‍්‍රදර්ශනය කරනු ලබයි.

දෛනික වැඩ කටයුතු කරදරයකින් තොරව සිදු කරගෙන යාමට උපකාරී වන විශාල 5000 mAh බැටරියකින් හා ඉතා ඉක්මනින් charge කරගත හැකි 15W USB-C charger එකක් Galaxy A22 5G සතු වීම ඔබට ඉමහත් අස්වැසිල්ලක් වනු නියතය. Android 11 සහ One UI Core 3.1 තාක්ෂණයෙන් යුතුව Galaxy A22 5G  ජංගම දුරකතනය නිමවා ඇත්තේ ඔබට වඩා ඵලදායී හා නිර්මාණාත්මක දිනයක් නිරන්තරයෙන් උදාකර දීම වෙනුවෙන් බවත් සැම්සුන් සමාගම පවසයි.

Visits: 104