විදුල්ලංකා පීඑල්සී රු. ශත 18ක් බැගින් දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විදුල්ලංකා පීඑල්සී සමාගම සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ දිනයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 0.175ක මුදලක් සහ නිෂ්ඡන්ද කොටසක් සඳහාම රුපියල් ශත 0.175ක මුදලක් ලාභාංශ ලෙස ගෙවිම සිදු කරන බව සමාගම පවසයි. මෙහිදී එම වටිනාකම් ආසන්න අගයට වටයා ශත 18ක් ලෙස එය නිවේදනය කරන බවත් සමාගම සඳහන් කරයි.

මෙම ලාභාංශ ගෙවීම 2021/22 මූල්‍ය වර්ෂය සඳහා සමාගම මගින් ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවිම ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 16 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 26 වැනිදා නම් කෙරී තිබේ.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී විදුල්ලංකා පීඑල්සී ඡන්ද හිමි කොටසක වටිනාකම රුපියල් 6.70ක් ලෙස සටහන්ව තිබුණි. එසේම සමාගමේ නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 5.40ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී එම කොටසක වටිනාකම වූ රුපියල් 5.30ට සාපේක්ෂව ශත 10ක එනම් 1.89%ක ඉහළ යාමකි.

Visits: 179