“විදේශ මුදල් ප්‍රේෂණ බලහත්කාරයෙන් රුපියල් කරන්නේ නෑ” – මහ බැංකුව

විදෙස් ගත ශ්‍රමිකයන්ගේ සියලුම ප්‍රේෂණ මුදල් මහ බැංකුවේ උපදෙස් මත ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරන බවට ඇතැම් පාර්ශ්වයන් විසින් සිදු කරන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙම අදහස් පදනම් විරහිත අනුමානයන් බව පවසන මහ බැංකුව ඔවුන් සිය පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් මෙම කටකතා පතුරුවා හරින බවත් පවසයි.

විශේෂයෙන්ම සුරැකුම්කරණ මූල්‍යයන වැඩපිළිවල සම්බන්ධයෙන් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද යෝජනා සඳහා වූ ඉල්ලීම මගින්, මෙම විදේශ මුදල් ප්‍රේෂණ බලපත්‍රලාභී බැංකුවලට ලැබීමෙන් පසු විදේශගත ශ්‍රමිකයන්ගේ සියලුම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කරන බවට මෙලෙස අදහස් පළ වී තිබේ.

“රජය විසින් ඩොලරයකට ගෙවනු ලබන අතිරේක රුපියල් දෙකක දිරිගැන්වීම යටතේ, ශ්‍රී ලංකා රුපියල්වලට ස්වේච්ඡාවෙන් පරිවර්තනය කරනු ලබන විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් 10෴ක්, 2021 මැයි 28 දින සිට බලපත්‍රලාභී බැංකු විසින් මහ බැංකුවට විකුණනු ඇතැයි අපේක්ෂා කරයි.” යනුවෙන් මහ බැංකුව මෙහිදී සඳහන් කරයි.

ඒ අනුව දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබෙමින් පවතින මෙම මූල්‍ය ප්‍රවාහය පදනම් කරගෙන සුරැකුම්කරන මූල්‍යයන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමේ හැකියාව සොයා බැලීම සඳහා ඉල්ලීම් සිදු කෛරන බවත්, මෙම වැඩපිළීවෙල මගින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා කිසිදු බලපෑමක් ඇති නොවන බවත් පවසයි.

“තවදුරටත් තම ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ගිණුම්වල නිදහසේ අඛණ්ඩව රඳවා තබා ගැනීමට හෝ ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රමිකයන්ට කිසිදු බාධාවක් නැත.” මහ බැංකුව පවසයි.

ඒ අනුව එවැනි අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, ඒවා මගින් නොමග නොයන ලෙසටද උපදෙස් දෙන බව මහ බැංකුව අවධාඍණය කරයි.

Visits: 110