ලෝටස් හයිඩ්‍රො පවර් පීඑල්සී ලාභාංශ නිවේදනයත් සමග කොටසක අගය 14.02%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී (HPFL.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.00 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන වබ සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක් බවද ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 09 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස නොවැම්බර් 19 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවත් ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ (නොවැ10) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 12.20 ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී කොටසක අගය වූ රුපියල් 10.70ට සාපේක්ෂව රුපියල් 1.50කින් එනම් 14.02%ක ඉහළ යාමකි.

2021 මාර්තු 31 වැනිදා වනවිට ලෝටස් හයිඩ්‍රො පවර් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 80,350,881ක් එනම් 73.66%ක් NDB බැංකුව/ලෝටස් රිනීවබල් එනර්ජ් පෞද්ගලික සමාගමට අයත්ය. එසේම තවත් කොටස් 13.75%ක සහ 1.43%ක ප්‍රතිශතයක් ආචාර්ය ටී. සෙන්තිල්වර්ල් මහතාට සහ සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සමාගමට හිමිව තිබේ.

Visits: 181