පෙරේරා ඇන්ඩ් සන්ස් වෙතින් ත්‍රිකුණාමල මූලික රෝහලට වෛද්‍යජල ප්‍රති ආශ්‍රැතකරණ පද්ධතියක්

පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera and Sons) සමාගම පසුගියදා ත්‍රිකුණාමලය මූලික රෝහලේ රුධිර කාන්දුපෙරණ ඒකකයට වෛද්‍යජල ප්‍රති ආශ්‍රැතිකරණ පද්ධතියක් [Reverse Osmosis (RO) plant] පරිත්‍යාග කිරීමට කටයුතු කළ බව පවසයි.

ජලයටමිශ්‍රවී ඇති රෝග කාරක විෂ බීජ මෙන්ම, භූගත ජල මූලාශ්‍ර වල අඩංගු විය හැකි හානිකර රසායනික ද්‍රව්‍ය පෙරා ඉවත් කිරීමට මෙම යන්ත්‍ර වලට හැකියාව ඇත. මෙම යන්ත්‍රය නිෂ්පාදනය කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂඥ ඉංජිනේරුවන් විසිනි.

1940 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මූලික රෝහලෙහි මේ වනවිට වෛද්‍යවරුන් 97 දෙනෙකු, සහ හෙද හෙදියන් හා උපස්ථායක කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 608 දෙනෙකු සේවය කරති. ඇඳන් 523 කින් සමන්විත මෙම රෝහලෙහි රුධිර කාන්දුපෙරණ ඒකකයක්ද පිහිටුවා තිබේ. ඇඳන් 7 කින් යුත් මෙම රුධිර කාන්දුපෙරණ ඒකකයට, දිනකට රෝගීන් 14 දෙනෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත.

මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මූලික රෝහලේ රුධිර කාන්දුපෙරණ ඒකකයේ ප්‍රධානී වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් වීරසිංහ මහතා කියා සිටියේ මෙය තමන් වසර 3 ක් පුරා දුටු සිහිනයක් සැබෑවීමක් බවයි.  අතිශයින් කාර්යක්ෂම යන්ත්‍රයක් වන මෙම RO යන්ත්‍රය මගින් රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ඇතුළු සියලුම දෙනාගේ පරිභෝජනය සඳහා ස්ථාවර, පිරිසිදු පානීය ජල සැපයුමක් හිමිවනු ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව  සහ කුරුණෑගල දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මෙම පරිත්‍යාගය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදීමට පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම ඉදිරිපත් විය. මෙම පරිත්‍යාගය, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 3 වන ඉලක්කය (නිරෝගී බව හා යහපැවැත්ම) සහ 6 වන ඉලක්කය (පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව) සාක්ෂාත් කරගැනීමේ දීර්ඝකාලීන උත්සාහයට සමගාමී පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

ජලය පිරිපහදු කිරීම සඳහා බහුල වශයෙන් භාවිතා වන RO තාක්ෂණය තුළදී, අර්ධ පාරගම්‍ය පටලයක් හරහා පීඩනයක් යටතේ ජලය යොමුකරවීම තුළින් ජලයේ අඩංගු අහිතකර ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු වේ. මෙම පටලය මගින් අපවිත්‍රකාරක අණු වෙන්කර රඳවා ගන්නා අතර, පිරිසිදු ජල අණු වලට පමණක් ඒ හරහා ගමන් කිරීමට ඉඩකඩ සලසයි. මෙම තාක්ෂණය, දැනට පවතින හොඳම ජලපිරිපහදු ක්‍රමවේදයක් ලෙස සැලකේ.

“රටතුළඉතාම ජනප්‍රිය සහ වගකීම්සහගත සන්නාමයක් ලෙස, රටේ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් අප ප්‍රමුඛතම අවධානයක් යොමුකර තිබෙනවා. පිරිසිදු පානීය ජලය යනු මූලික මිනිස් අයිතිවාසිකමක්. එහෙත් පිරිසිදු පානීය ජලය හිඟ වීම, මේ වනවිට ශ්‍රී ලංකාවට මෙන්ම මුළුමහත් ලෝකයටම දරුණු ලෙස බලපා ඇති ගැටලුවක් බවට පත්වී තිබෙනවා. එම ගැටලුව අවම කිරීමේ පියවරක් වශයෙන් මේ ආකාරයට ත්‍රිකුණාමලය මූලික රෝහලට RO යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට හැකිවීම අපට මහත් සතුටක්.” පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂ කමල් ජේමන් මහතා පැවසී ය.

“මෙම පරිත්‍යාගය, සමාජයට යහපතක් සිදුකරමින්, අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත හා තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට අප දරන උත්සාහයේඑක්පියවරක්. මෙය අපගේ එදිනෙදා ජීවිතයට ජලය කෙතරම් වැදගත්ද යන්න සහ, ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම කෙතරම්වැදගත්දයන්න අවධාරණය කරන පියවරක්ද වනු ඇතැයි කියා අප සිතනවා.”  පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමේ අධ්‍යක්ෂිකා (ආයතනික කටයුතු) රුවිනි කාරියවසන් මහත්මිය පැවසුවා ය.

“මනුමෙහෙවර’ යන සන්නාමය යටතේ ක්‍රියාත්මක වන අපගේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන, විවිධ දුෂ්කරතාවලින් පෙළෙන පුද්ගලයන්ට හා ප්‍රජාවන්ට අත්වැලක්වීමට සෑමවිටම සූදානමින් සිටිනවා. එය සෑම කෙනෙකුගේ දෛවය සපුරාලීම ඉලක්ක කරගත් සහ, සෑම විටම අනෙකාගේ යහපත වෙනුවෙන් කැපවුණු මෙහෙවරක්. මෙම පරිත්‍යාගය එහි එක් අදියරක් පමණයි. ඉදිරියේදී තවත් මෙවැනි ප්‍රජාසත්කාරයන් රාශියක් ක්‍රියාවට නැංවීමට අප බලාපොරොත්තු වෙනවා.” පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක/ ප්‍රධාන විධායක නිලධාරී ගිහාන් පෙරේරා මහතා පැවසී ය.

Visits: 66