එමිරේට්ස් වෙතින් රුපියල් 59,300 කින් ආරම්භ වන විශේෂ ගුවන් ගාස්තු මාලාවක්

ගෝලීය සහ කළාපීය වශයෙන් සංචාරක ගමන් සීමාවන් ලිහිල් වීම හමුවේ දිගු කාලයක් සිදුකිරීමට නොහැකි වූ තම ගුවන් ගමන් සිදුකිරීමට ශ‍්‍රී ලාංකිකයින්ට ආරාධනා කරමින් එමිරේට්ස් ගුවන් සේවය තවත් විශේෂ ගාස්තු ප‍්‍රවර්ධනයක් ආරම්භ කර ඇතැයි පවසයි.

නොවැම්බර් 09 වනදා සිට 21 වනදා දක්වා මිලදීගන්නා ගුවන් ටිකට්පත් සඳහා මෙම විශේෂ සහන ගාස්තු හිමිවන අතර 2021 දෙසැම්බර් 01 වනදා සිට 2022 මාර්තු 31 වනදා දක්වා එමිරේට්ස් ජාලයේ ගමනාන්ත 120 ක් වෙත ගමන් කිරීම සඳහා මෙම ගුවන් ටිකට්පත් වලංගුවන බව සම්මානනීය ගුවන් සමාගම සඳහන් කරයි.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ඉකොනොමි සහ ව්‍යාපාරික පන්තියේ මගීන් සඳහා වලංගු වන අතර ඉකොනොමි පන්තියෙන් ඩුබායි වෙත ඇමරිකානු ඩොලර් 292 කින් (වත්මන් විනිමය අනුපාතයට අනුව ආසන්න වශයෙන් රුපියල් 59,300 ක් පමණ) මෙම විශේෂ ගාස්තු ආරම්භ වේ. මේ යටතේ, පැරිසිය වෙත ඇමරිකානු ඩොලර් 607 ක් (රුපියල් 123,300 ක් පමණ) ද, මිලාන් වෙත ඇමරිකානු ඩොලර් 586 ක් (රුපියල් 119,000 ක් පමණ) ද, රෝමය වෙත ඇමරිකානු ඩොලර් 601 ක් (රුපියල් 122,100 ක් පමණ) ද, ලන්ඩන් වෙත ඇමරිකානු ඩොලර් 802 ක් (රුපියල් 162,900 ක් පමණ) වැනි මිල ගණන් වලට ගුවන් ටිකට් පත් වෙන්කර ගත හැකි වේ. මෙම ගාස්තුවල රුපියල් වටිනාකම ගුවන් ප‍්‍රවේශපත් මිලදීගන්නා දිනයේදී පවතින විනිමය අනුපාතය අනුව තීරණය වන බව සමාගම සඳහන් කරයි.

එසේම, ව්‍යාපාරික පන්තියෙන් ඩුබායි වෙත ගමන් කිරීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 1,217 ක් (රුපියල් 247,300 ක් පමණ) වන අතර ලන්ඩන් වෙත ඇමරිකානු ඩොලර් 1,968 ක් (රුපියල් 399,900 ක් පමණ) ද, රෝමය වෙත ඇමරිකානු ඩොලර් 2,271 ක් (රුපියල් 461,400 ක් පමණ) ද,  පැරිසිය වෙත ඇමරිකානු ඩොලර් 2,283 ක් (රුපියල් 463,900 ක් පමණ) ද, මිලාන් වෙත ඇමරිකානු ඩොලර් 2,609 ක් (රුපියල් 530,100 ක් පමණ) වැනි මුදලකට ටිකට් පත් ලබාගත හැක.

එමිරේට්ස් ගුවන් ගමන් emirates.com වෙබ් අඩවියෙන්, ගමන් නියෝජිතයින් මාර්ගයෙන් හෝ එමිරේට්ස් විකුණුම් කාර්යාලයෙන් වෙන්කරවා ගත හැකිවේ.

නැවතත් තමන්ගේ පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින හෝ අළුත් ගමනාන්ත වලට ගොස් සංචාරක අත්දැකීම් විඳගැනීමට අපේක්ෂාවෙන් සිටින කොවිඞ් එන්නත්කරණය සම්පූර්ණ කර තිබෙන ගුවන් මගීන්ට නිවාඩුව ගත කිරීමට ඉතාමත් ගැලපෙන ලෙස මෙම විශේෂ ගුවන් ගාස්තු සකස් කර තිබෙන බව සමාගම පවසයි. 

මෙම විශේෂ ගාස්තු ආවරණය වන කාලය තුළදී හි සංචාරය කිරීම මගින් ගුවන් මගීන්ට ඩුබායි හි දින 21 ක් දක්වා විවේකයක් ලබාගත හැකි අතර ඔවුන්ට 2020 EXPO ප‍්‍රදර්ශනයටද සහභාගී විය හැකි වේ. මෙම දැවැන්ත ගෝලීය වැඩසටහන පැවැත්වෙන කාලයේදී ඩුබායි වෙත පැමිණෙන සහ ඩුබායි හරහා ගමන් කරන එමිරේට්ස් ගුවන් මගීන්ට සමාගම විසින් නොමිලේ එමිරේට්ස් එක්ස්පෝ දින ප‍්‍රවේශ පත‍්‍රයක් ලබාදීමට කටයුතු කරයි.

කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ එමිරේට්ස් සිය ගෝලීය ජාලය ආරක්ෂාකාරී සහ තිරසාර ලෙස ක‍්‍රම ක‍්‍රමයෙන් නැවතත් ගොඩනැගූ අතර අද මගී ගුවන් ගමන් ගමනාන්ත 120 කට වැඩි ප‍්‍රමාණයකට සේවා ක‍්‍රියාත්මක කරයි. ඒ තුළින් මගීන්ට ඩුබායි හරහා ඇමරිකාව, යුරෝපය, අප‍්‍රිකාව, මැදපෙරදිග සහ ආසියා පැසිෆික් කළාපයට පහසුවෙන් ගමන් කිරීමේ අවස්ථාව සමාගම විසින් උදාකර දී තිබේ.

Visits: 96