SLIIT හරහා ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ (UoQ) උපාධි හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ට අවස්ථාව

SLIIT ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (UoQ) සමඟ ඇති කරගෙන ඇති එකඟතාව හරහා ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කළමනාකරණ සහ ඉංජිනේරු විෂයන් හදාරන සිසුන්ට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේහි තම උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට ශ්‍රී අවස්ථාව උදා වී ඇතැයි පවසයි.

ඒ අනුව SLIITහි ඉංජිනේරු (ගෞරව), සිවිල් ඉංජිනේරු උපාධිය (ගෞරව) විදුලි ඉංජිනේරු උපාධිය (ගෞරව) හදාරන සිසුන්ට ශ්‍රී ලංකාවේ පළමු වසර දෙක සම්පූර්ණ කර අවසාන වසර දෙක සඳහා UoQ වෙත හුවමාරු වීමට මෙයින් හැකියාව ලැබේ.

එසේම, ව්‍යාපාර විෂය හැදෑරීමට තේරුණු සිසුන්ට ව්‍යාපාර කළමනාකරණ උපාධිය, වාණිජවේදී උපාධිය, ආර්ථික විද්‍යාවේදී උපාධිය වසරක් තුළදී අවසන් කිරීමට හැකියාව ලැබෙන අතර අනතුරුව වසර දෙකක් තුළදී UoQ දී ගෞරව උපාධිය සපුරාගත හැකි වේ.

අද වනවිට ඉගැන්වීම් අතින් UoQ අඛණ්ඩව ලෝකයේ ඉහළම සරසවි අතර ශ්‍රේණිගත වී තිබේ. සරසවි ඉගැන්වීම් සඳහා ඕස්ට්‍රේලියාවේ සම්මාන ගණනාවක් දිනා ගනිමින් (AAUT) රටේ වෙනත් කිසිදු සරසවියකට වඩා UoQ කුයින්ස්ලන්තයේ ඉහළම ශාස්ත්‍රීය උගතුන්, අන්තර් රාජ්‍ය සහ විදේශීය සිසුන් ආකර්ෂණය කරගෙන ඇතැයි පවසයි.

UoQ ලෝකයේ 46 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර ඇති අතර 2021 වසරේ QS ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර 54 වැනි ස්ථානය, 2021 ලෝක විශ්ව විද්‍යාලවල ඉහළ ශ්‍රේණිගත කිරීම්හි 62 වැනි ස්ථානයද ලබා ඇත. මීට අමතරව ඕස්ට්‍රේලියාවේ අංක 03 විශ්ව විද්‍යාලය, 2020 වසරේ පර්යේෂණ ස්වභාව දර්ශකයේ ලෝකයේ 22 වන ස්ථානය සහ 2019 වසරේ හොඳම QS ශිෂ්‍ය නගර ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවටද UoQ ඇතුළත් වී තිබේ.

විශ්ව විද්‍යාලයේ සුවිශේෂී අධ්‍යයන, පර්යේෂණ සහ වෘත්තීමය කාර්ය මණ්ඩලය සඳහා වන කැපවීම පිළිබිඹු කරමින් ශිෂ්‍ය ඉල්ලුම, කාර්ය මණ්ඩල සුදුසුකම්, ඉගැන්වීම් සම්පත් සහ සමස්ත පළපුරුද්ද සඳහා ආයතනයට තරු හතරක් ශ්‍රේණිගත කිරීම්වලදී ලැබි ඇත. යහපත් විශ්ව විද්‍යාල මාර්ගෝපදේශය 2020, ජාත්‍යන්තර ශිෂ්‍ය තෘප්තිමත් බැරෝමීටරය 2018හි ජාත්‍යන්තර ශිෂ්‍ය තෘප්තිය 91%ක් වාර්තාවීමත් ඕස්ට්‍රේලියාවේ විශිෂ්ටත්වයේ පර්යේෂණය 2018හි ලෝක ප්‍රමිතිය අභිබවා පුළුල් පර්යේෂණ ක්ෂේත්‍රවලින් 100% කට වඩා වාර්තා වීමත් සිදුව ඇත.

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය SLIIT සහයෝගිතාව ශ්‍රී ලංකික සිසුන්ට වාසිසහගත ප්‍රතිඵල, රැකියා අවස්ථා, තෝරාගැනීම් සහ සහාය සහතික කරයි. එය ඔවුන්ට තම පුද්ගල අභිලාෂ සාක්ෂාත් කරගැනීමට, තමන් තෝරාගත් ක්ෂේත්‍රවල නායකයින් වීමට සහ තමන් ජීවත් වන සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හැකි වන පරිදි සහාය ලබා දෙයි.

Visits: 102