SAMSUNG Galaxy M52 5G ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන්, එහි M කාණ්ඩයේ දැනට ඇති ආකර්ෂණීයතම සහ ප‍්‍රබලම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy M52 5G මෙරටට හඳුන්වා දී ඇතැයි පවසයි.

7’4mm ඝනත්වය, ආකර්ෂණීය පෙනුම, 6nm Snapdragon 778G ප්‍රොසෙසරය, super AMOLED+ 120Hz display, 5000mAH බැටරිය සහ 11 5G bands තාක්ෂණයෙන් සමන්විත #LeanestMeanestMonsterEver Galaxy M52 5G සැබවින්ම පාරිභෝගික අවධානය දිනා ගනු නොඅනුමාන බව සමාගමේ අදහස වී තිබේ.

”පාරිභෝගිකයින් වෙත අර්ථවත් නවෝත්පාදනයන් ගෙන ඒමේ අරමුණින් 2019 දී හඳුන්වා දෙන ලද  Galaxy M කාණ්ඩය, එතැන් සිට Monster display, කාර්යසාධනය හා බැටරිය වැනි ප‍්‍රධාන පෙළේ බොහෝ විශේෂාංගයන් සමඟින් කැපී පෙනෙන පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. අපගේ නවතම #LeanestMeanestMonsterEver Galaxy M52 5G හඳුන්වා දීමත් සමඟින් සැම්සුන් හි දර්ශනයට අනුව යමින් අපගේ සීමා මායිම් අප තවදුරටත් පුළුල් කරමින් සිටිනවා. මෙහි ඇති නවතම Snapdragon 778G ප්‍රොසෙසරය සහ 120Hz super AMOLED+ display සමඟින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප‍්‍රියතම අන්තර්ගතයන් නරඹන අතරතුර හෝ වීඩියෝ ක‍්‍රීඩා කරමින් වඩාත් වින්දනීය අත්දැකීමක් ලබා ගත හැකියි. Defense-grade Knox ආරක්ෂාව හා 11 5G bands තාක්ෂණය සහිතව Galaxy M52 5G ඔබ වෙත හඳුන්වා දී ඇති අතර මෙම device එක මගින් ඔබව අනාගතයට සුදානම් කරවනවා පමණක් නොව පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දත්තවල ආරක්ෂාව පිළිබඳ සහතික වෙමින් උපරිම ආරක්ෂාවක්ද සලසා දෙනු ලබනවා. එමෙන්ම මේ සියලූ විශේෂාංග සමඟින් 7.4mm ඝනත්වයකින් යුතු ඉතා සිහින් හා අලංකාර හැඩයකින් මෙය නිර්මාණය කර තිබීම විශේෂයි.” යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පවසයි.

පාරිභෝගිකයින්ට උසස් අත්දැකීම් ලබා දීම සඳහා Snapdragon 778G ප්‍රොසෙසරයක් සහිතව මෙය නිර්මාණය කර ඇත. ඡුායාරූප ගැනීම, වීඩියෝ ක‍්‍රීඩා කිරීම හා වීඩියෝ නැරඹීම ආදී multimedia තුළින් පාරිභෝගිකයින්ට සුපිරි අත්දැකීම් ලබා ගැනීමට මෙම smartphone එක අනර්ඝය. මේ සියල්ල සඳහා ඔබට දිගු බැටරි කාලයක් ලබා දීම ද විශේෂත්වයකි. Galaxy M52 5G මගින් ඔබගේ සුන්දර මතකයන් ජීවමානව ඔබ ළඟ තබා ගැනීම සඳහා උසස් තත්වයේ ඡුායාරූප හා වීඩියෝ ග‍්‍රහණය කර ගැනීමට ඔබට අවස්ථාව සලසා දෙයි.

වීඩියෝ ක‍්‍රීඩා කිරීමේ දී, සුපිරි gaming අත්දැකීම් ලබා දීම සඳහා මෙම ස්මාර්ට් ජංගම දුරකතනය Snapdragon Elite Gaming™ විශේෂාංග තෝරා ගැනීම සඳහා ඔබට සහය දක්වයි. මෙහි ඇති අතිනවීන AI සහිත Snapdragon 778G ප්‍රොසෙසරය මගින් අඩු ආලෝක තත්වයක් යටතේ වීඩියෝ නැරඹීම, smooth zoom, autofocus වැනි විශේෂාංග ඔබට තිළිණ කරයි. මීට අමතරව මෙය පාරිභෝගිකයින්ට ඊළඟ පරම්පරාවේ තාක්ෂණයන් අද භුක්ති විඳිමට ඉඩ සලසමින් ගෝලීය 5G සම්බන්ධතාවය සඳහා හැකියාව ලබා දෙයි.

8GB+128GB වර්ගයේ Galaxy M52 5G ස්මාර්ට් ජංගම දුරකතනයක මිල රුපියල් රු.99,999 ක් පමණි.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට Galaxy M52 5G මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Max, Softlogic Retail, Singer, Singhagiri හා Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් ද ලබා ගත හැකිය. එමෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ඔබට මෙය මිලදී ගත හැකිය.

Visits: 84