EX-Pack සමාගම CSE ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගතවීම හෙට (නොවැ. 10 දා)

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව තුළ ඉතාමත් සාර්ථක ලෙස සිය මූලික කොටස් නිකුතුව සිදුකළ සීමාසහිත Ex-Pack Corrugated Cartons සමාගම හෙට (නොවැ. 10දා) දිනයේදී එහි ලැයිස්තුගතවීම සිදුවන බව කොළඹ කොටස් හුවමාරුව දැනුම් දී සිටියි.

මෙහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන පුවරුවෙහි මෙම ලැයිස්තුගතවිම සිදුවන බවත්, අදාළ සමාගම අයත් වන වර්ගීකරණය ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවත් ඔවුන් පවසයි.

මෙම අවස්ථාවේදී සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 333,333,333ක් ලැයිස්තුගත කිරීම සැලසුම වී තිබේ. එසේම සමාගමේ කේත අංකය PACKN.0000 ලෙස හඳුන්වා දී ඇත.

පසුගිය ඔක්තෝබර් 22 වැනිදා Ex-Pack සමාගම මගින් සිදුකළ මෙම මූලික මහජන කොටස් නිකුතුව සඳහා පැය කිහිපයක්තුළ අධි ඉල්ලුමක් හිමි වූ අතර, ඒ අනුව නිකුතුව විවෘත කළ දිනයේදී එය වසා දැමීමත් සිදුවිය. පසුව සිදුකළ ගණන් බැලීමේදී එම නිකුතුව මෙන් 11 ගුණයක වටිනාකමින් යුත් ඉල්ලුම්පත්‍ර ප්‍රමාණයක් ඊට ලැබී තිබූ අතර, එහි වටිනාකම රුපියල් බිලියන 8ක් විය.

Visits: 399