‘සම්පත් සංහිඳ සේවර්‘ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත රුපියල් මිලියන 185ක සෞඛ්‍ය ප්‍රතිලාභ

දිවයින පුරා විසිරුණු සම්පත් සංහිඳ සේවර් ගිණුම් හිමියන් වෙත මෙම වසරේදී රුපියල් මිලියන 185ක සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීමට කටයුතු ආරම්භ කරන ලද බව පවසයි.

2009 වසරේ මෙම වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු සම්පත් බැංකුව විසින් වසරක් තුළ ලබා දුන් ඉහළම ප්‍රතිලාභ වටිනාකම ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

විශේෂයෙන් ගෝලීය වසංගතය හමුවේ වූ ව්‍යවසනකාරී තත්වය හේතුවෙන් සමස්ත ලෝකයම දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය වියදම් වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දීමෙන් මෙම ප්‍රතිලාභයන් ඔවුන් වෙත හිමි කර දෙනු ලබයි.

තවද වසංගතය හේතුවෙන් උද්ගත වූ දැඩි සෞඛ්‍යාරක්ෂිත භාවය හා සංචරණ සීමාවන් සැලකිල්ලට ගනිමින් සම්පත් බැංකුව විසින් ඒ ආශ්‍රිත සෞඛ්‍ය ප්‍රතිලාභ හා තොරතුරු ලබා ගැනීමේ කටයුතු තව දුරටත් පහසු කිරීමට කටයුතු කර ඇත්තේ සම්පත් සංහිඳ සේවර් ගිණුම් හිමියන්ගේ සුව පහසුව වෙනුවෙනි.

එහිදී එම ගිණුම් හිමියන්ට සම්පත් බැංකුවේ ඕනෑම ශාඛාවක් ඇමතීමෙන් හෝ 0112303050 අංකය ඔස්සේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීමෙන් එම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන තම සුදුසුකම් තහවුරු කර ගත හැකිය. පළමු වරට සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට ළඟම ඇති ශාඛාවෙන් තමන්ට හිමි වෛද්‍ය ප්‍රතිලාභ කාඩ්පත් ලබාගත හැකි අතර දැනට සිටින කාඩ්පත් හිමියන් හට ළඟම ඇති ශාඛාවෙන් එම සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා වන කාඩ්පත පූර්ණය (Topup) කර ගැනීමේ අවස්ථාවද සම්පත් බැංකුව උදා කර දී ඇත.

2020 ජූලි 01 වැනිදා සිට 2021 ජූනි 30 අතර කාලය තුළ එක් එක් සම්පත් සංහිඳ සේවර් ගිණුම් තුළ පවත්වාගෙන යනු ලැබූ වාර්ෂික සාමාන්‍යය ශේෂය මත පදනම්ව මෙම ප්‍රතිලාභ පිරි නැමීම සිදු වේ. ඒ සඳහා වන ප්‍රතිලාභ  මුදල් සියලු ගිණුම් හිමියන්ගේ සංහිඳ සෞඛ්‍ය ප්‍රතිලාභ කාඩ්පත් වෙත බැර කරනු ලබන අතර ඒ මඟින් දිවයින පුරා පිහිටි වෛද්‍ය ආයතන රැසකින් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ගිණුම් හිමියන්ට උදා වේ.

මේ සඳහා වන හවුල්කාර රෝහල් හා වෛද්‍ය ආයතන අතරට ආසිරි රෝහල් සමූහය,CDEM රෝහල,දෙරන වෛද්‍ය රසායනාගාරය,හේමාස් හොස්පිටල්ස්,ලංකා හොස්පිටල්ස්,මෙඩිහෙල්ප් හොස්පිටල්ස්,නවලෝක රෝහල,නාවින්න මෙඩි කෙයා රෝහල්,නදර්න් සෙන්ට්‍රල් රෝහල්,පන්නිපිටිය පුද්ගලික රෝහල,ක්වීන්බරි රෝහල (ගාල්ල),සෙත්මා රෝහල – ගම්පහ,සිංහ රෝහල්,සදර්න් ලංකා හොස්පිටල්ස් සහ වින්සෙත රෝහල මෙන්ම තෝරාගත් රාජ්‍ය ඔසුසල් (රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව) සහ විෂන් කෙයා අලෙවි සැල් අයත් වේ.

එමෙන්ම තෝරාගත් හවුල්කාර රෝහල් සඳහා සංහිඳ ඩෙබිට් කාඩ් පත මඟින් ගනුදෙනු සිදු කිරීමේදී සංහිඳ සේවර් ගිණුම් හිමියන් වෙත සුවිශේෂී වට්ටම් හිමි කර දීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මෙහෙයුම්/ සමූහ ප්‍රධාන අලෙවි නිළධාරී තාරක රන්වල මහතා සඳහන් කර සිටියේ “සම්පත් බැංකුව ලෙස අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා නව්‍යකරණ මූල්‍ය විසඳුම් සහ සේවාවන් ලබා දීමට නිරන්තරයෙන් කැපවී කටයුතු කරනවා. විශේෂයෙන් ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ උරුමයන් සම්බන්ධයෙන් ඉතා අභිමානයෙන් පෙනී සිටින බැංකුවක් ලෙස මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙරෙහි ගෞරව පූර්වකව කටයුතු කරන බවත් සඳහන් කළ යුතුයි. ඒ නිසාම සම්පත් සංහිඳ සේවර් ගිණුම් වැනි මූල්‍ය විසඳුම් හරහා ඔවුන්ගේ ජීවිතයේ ස්වර්ණමය අවධිය තුළ ඉහළම අගයක් ඔවුන් වෙත ලබා දීමට අපි බලාපෙරොත්තු වෙනවා”යනුවෙනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ  තාරක රන්වල මහතා “මෙම වසරේ මුහුණ දුන් වසංගත තත්වය තුළ ගනුදෙනුකරුවන් වෙනුවෙන් අමතර සහයෝගයක් ලබා දීම සදහා වූ අපගේ අඛණ්ඩ ප්‍රයත්නයේ කොටසක් ලෙස සම්පත් සංහිඳ සේවර් ගිණුම් හිමියන් වෙත රුපියල් මිලියන 185ක වටිනාකමින් යුත් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. එය යම් වසරක් තුළ මෙම ගිණුම හරහා ලබා දෙන ඉහළම ප්‍රතිලාභ වටිනාකම ලෙසද සඳහන් කළ හැකියි ”යනුවෙන්ද පවසා සිටියි.

Visits: 84