LOFC සහ CLC ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 46%ක් සඳහා දායක වෙයි

අද (නොවැම්බර් 08) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී CLC සහ LOFC හි හැසිරීමත් සමගින්ම සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ උච්ඡාවචනයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මෙම සමාගම් දෙක තුළ සිදු වූ ගනුදෙනු පමණක් දිනයේ සමස්ත පිරිවැටුමෙන් 46%ක් සඳහා දායක වී තිබේ.

එසේම EXPO වටිනාකම් ඉහළ යාම, අනෙකුත් වටිනා සමාගම් සමාගම් වෙතද ධනාත්මක බලපෑමක් ලබා දී තිබේ. මේ අතර දිනය තුළදී වටිනාකම් ඉහළ සමාගම්හි ලාභ ඉපැයීම්ද දැකගත හැකි වූ නමුත්, ඉදිරි අයවැයේදී සිදු විය හැකි යම් වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරමින් බොහෝ පිරිස් අද දිනයේදී කොටස් මිලදී ගැනීම් වෙත යොමු වූ බවත් එම තැරැව්කාර සමාගම් සඳහන් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,090.78ත් ඒකක 10,728.46ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,621.40ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (නොවැම්බර් 05) දිනයට සාපේක්ෂව ඒකක 10.81ක් එනම් -0.10%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හේලීස් ෆැබ්රික් පීඑල්සී, ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් සහ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 1.1%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 75ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 121ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+101.31), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+38.38), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+16.12), ඇම්බියොන් කැපිටල් පීඑල්සී TAP (+9.45), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+6.13), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-178.88), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.7), ඩීඑෆ්සීසී බැංකුව DFCC (-2.23), සම්පත් බැංකුව SAMP (-4.11), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.0) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,649.94ක අගයක් ගත් අතර, එය පෙරේදා (නොවැම්බර් 05) ‍ට සාපේක්ෂව ඒකක 14.74ක එනම් +0.41%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 8.26ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (නොවැම්බර් 05) වාර්තා කළ රුපියල් බිලියන 5.6 ට  සාපේක්ෂව 48% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.73ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 59.88%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 74.66ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 112.89ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 38.23කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.92ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.92කි. එසේම ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 32.03ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 4,200ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 51%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,064ක සහ රුපියල් මිලියන 1,026ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 316