කොළඹ වරාය නගරයේ රැකියා ලබාදීමේ වංචාවන් ගැන දැනුවත් කිරීමක්

කොළඹ වරාය නගරයේ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ සමාජ මාධ්‍ය වල තොරතුරු සඳහන් කර වංචනික ලෙස මුදල් අය කිරීමේ අවස්ථා පිළිබඳව වාර්තා වී ඇතැයි කොළඹ වරාය නගර පරිපාලනය මගින් සඳහන් කරයි.

ඒ අනුව මෙවැනි ප්‍රචාර සිදු කරන පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙස කොළඹ වරාය නගරය මහජනතාවට නිවේදනයක් මගින් දැනුම් දී සිටියි.

විශේෂයෙන්ම කොළඹ වරාය නගරයෙහි රැකියා අවස්ථාවන් ලබාදීම සඳහා මුදල් හෝ අනෙකුත් අනුග්‍රහයන් කිසිදු අකාරයකින් ලබා නොගන්න අතර, එම රැකියා අවස්ථා පිලිබඳ දැන්වීම් සිය නිල වෙබ් අඩවියේ හෝ නිල සමාජ මාධ්‍යවල පමණක් පළ කරන බව කොළඹ වරාය නගරය සඳහන් කර සිටියි.

Visits: 189