ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් රුපියල් 1.30 බැගින් පළමු අතුරු ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.30ක් බැගින් ලාභාංශ ගෙවීමක්සිදු කරන බව ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශය බව සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලබන දෙසැම්බර් 07 වැනිදා ලෙස ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස නොවැම්බර් 16 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 32.30ක් ලෙස සටහන්ව තිබුණි. ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිදුකළ අවසන් ලාභාංශ ගෙවීම වන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ සිදු කළ ශත 80ක ලාභාංශ ගෙවීමයි. එය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් දෙවැනි අතරමැදි ලාභාංශය විය.

Visits: 161