SINGER නවීනතම TCL ස්මාර්ට් ෆෝන් සහ ටැබ් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපාංග අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC, ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන TCL විසින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ සඳහා නවීනතම ස්මාර්ට්ෆෝන් සහ ටැබ් අලෙවි කිරීමේ බලයලත් නිල බෙදාහරින්නා වශයෙන් නම් කර ඇතැයි නිවේදනය කර සිිටියි.

TCL යනු ගෝලීය වශයෙන් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ වෙළඳපොළේ ප්‍රමුඛතම සන්නාමයකි.

ඒ අනුව, TCL හි මෙරට බලයලත් නිල බෙදාහරින්නා වශයෙන් SINGER සමාගම විසින් TCL 20 Pro 5G, TCL 20Y, TCL 20SE සහ TCL 20L+ වැනි TCL ජංගම උපාංග මෙරට පාරිභෝගිකයන් වෙත පිරිනැමීම සිදු කරනු ලබයි. එය මෙරට TCL පරිශීලකයින්ට ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණය සහ උසස් තත්ත්වයේ  ජංගම උපාංග අත්දැකීමක් ලබා දෙනු ඇත.

මීට සමගාමීව, පසුගියදා පැවති හඳුන්වාදීමේ උත්සවයේදී TCL ජංගම දුරකථන මාදිලි දහයක් සහ ටැබ් මාදිලි හතරක් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීම සිදු විණ.

හඳුන්වාදෙන ලද නව TCL  ජංගම දුරකථන මාදිලි තුළ පවතින සුවිශේෂිතම අංගය වනුයේ NXTVISION නම් වූ විශිෂ්ඨ Display තාක්ෂණයයි. මෙම විශේෂාංගය හරහා ඩිජිටල් තිර දිගු වේලාවක් නැරඹීමේදී ඇති විය හැකි ඇස්වල වේදනාව සහ නිල් ආලෝකය අවම කරමින් ඉහළ මට්ටමේ අක්ෂි ආරක්ෂාවක් ලබා දෙන අතරම එය පාරිභෝගිකයා වෙත සුපැහැදිලි වර්ණ සහ අද්විතීය දෘශ්‍ය අත්දැකීමක් ලබා දීමට හේතු වේ.

TCL හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ SINGER (Sri Lanka) PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවසුවේ, “ලෝක ප්‍රකට සන්නාමයක් වන TCL හි ජංගම දුරකථන සහ ටැබ් අපගේ ප්‍රමුඛ නිෂ්පාදන පෙළට ඇතුළත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.  එමෙන්ම, දශකයකට වැඩි කාලයක් SINGER, TCL TV මාදිලි සඳහාද දේශීය බලයලත් නිල බෙදාහරින්නා වශයෙන් කටයුතු කර තිබේ. TCL ජංගම දුරකථන සහ ටැබ් අළෙවි කටයුතු සඳහා ද මෙලෙස ලෙස ඇතිකරගත් හවුල්කාරීත්වය පාරිභෝගික සැමට නව්‍ය සහ විශේෂාංගවලින් පොහොසත් අත්දැකීම් ලබා දීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීමට උපකාරී වනු ඇත. අධිවේගී අන්තර්ජාල පහසුකම් අපේක්ෂා කරන වර්ථමාන පාරිභෝගිකයින් වැඩි වශයෙන් අන්තර්ජාලය සමඟ කාර්යබහුල වීමේ ප්‍රවණතාවය හරහා ඔවුන්ගේ තෝරා ගැනීම් නවමු මාවතකට ප්‍රවිෂ්ඨ වී ඇති බව අපට පෙනී යන අතර, TCL ජංගම දුරකතන මාදිලි පෙළ එළිදැක්වීම පැහැදිලිවම එම පාරිභෝගික අවශ්‍යතාවය ආමන්ත්‍රණය කරයි’’ යනුවෙනි.

මෙලෙස එළිදක්වන ලද TCL ජංගම උපාංග, 1800කට ආසන්න දීප ව්‍යාප්ත SINGER අලෙවි නියෝජිත  ජාලය හරහා මෙන්ම  432කට අසන්න SINGER Mega සහ SINGER ප්‍රදර්ශනාගාර මෙන්ම SINGER ඊ-වානිජ (e-commerce) වේදිකාව හරහා ද මිලදී ගැනීමට හැකියාව පවතී.

මෙම නව මාදිලි සමූහය එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් TCL හි ආසියා පැසිෆික් කලාපයේ විකුණුම් අධ්‍යක්ෂ ඊසන් යැන්ග්  මහතා ප්‍රකාශ කළේ, “අපගේ නවීනතම ජංගම උපාංග හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික උපාංග අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC පත් කිරීමට ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටු වෙනවා. එහි නවීන තාක්‍ෂණය සහ විශිෂ්ඨ නව විශේෂාංග සමඟින්,  පාරිභෝගිකයින් උසස්  සන්නාමයකින් අපේක්ෂා කරන සියලුම විශේෂාංග ලබා දීමට හැකි වනවා. තවද, SINGER සමඟ ඇති අපගේ සුවිශේෂී හවුල්කාරීත්වය තුළින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන් වෙත ළඟා වීමේ අපගේ ඉලක්කය සපුරා ගත හැකි බව අපි තරයේ විශ්වාස කරනවා .” යනුවෙනි.

Visits: 79