Citrus වස්කඩුව සහ හික්කඩුව අද සිට යළිත් සිය මෙහෙයුම් අරඹන බව පවසයි

වස්කඩුව බීච් රිසෝට් පීඑල්සී සමාගම (CITW.N0000) යටතේ ක්‍රියාත්මක Citrus වස්කඩුව සහ හික්කඩුව බීච් රිසෝට් පීඑල්සී සමාගම (CITH.N0000) යටතේ ක්‍රියාත්මක Citrus හික්කඩුව යන හෝටල් අද (නොවැම්බර් 05) වැනිදා සිට යළිත් සුපුරුදු පරිදි සිය මෙහෙයුම් ආරම්භ කරන බව දැනුම් දී සිටියි.

ඒ අනුව අද දිනයේ පටන් මෙම හෝටල් දෙකම දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කෙරෙන බවත්, සාමාන්‍ය නිවාඩු නිකේතන මෙහෙයුම් සුපුරුදු ලෙස ආරම්භ කෙරෙන බවත් සඳහන් කරයි.

මේ අතරින් Citrus වස්කඩුව හෝටලය 2021 මාර්තු මාසයේ 5 වැනිදා සිට COVID-19 වෛරසය ආසාදනය වූ පිරිස් වෙනුවෙන් ‘අතරමැදි සුරැකුම් මධ්‍යස්ථානයක් (ICC) ලෙස ක්‍රියාත්මක වූ බවත්, එම කටයුතු සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ බවත් පවසයි.

එසේම Citrus හික්කඩුව හෝටලය 2021 මැයි 24 වැනිදා සිට අතරමැදි සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මකව පැවැති බවත්, එය ඔක්තෝබර් 05 වැනිදා නිමාවට පත් වූ බවත් එම සමාගම පවසයි.

ඒ අනුව මේ වනවිට Citrus වස්කඩුව සහ Citrus හික්කඩුව යන හෝටල් දෙකම යළිත් සම්පූර්ණයෙන්ම සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා සූදානම් කර ඇතැයිද එම සමාගම් දෙකම පවසයි. එහිදී හෝටල් දෙකම අලුත්වැඩියාවන්ට ලක් කර තිබෙන බවත් සඳහන් වෙයි.

Citrus සන්නාමය යටතේ මෙහෙයුම් සිදු කරන මෙම හෝටල් දෙකම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් වෙයි.

මේ අතරින් වසංකඩුව බීච් රිසෝට් පීඑල්සී සමාගමෙහි කොටසක අගය අද දිනය නිමාවේදී රුපියල් 3.70ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේ වාර්තා වූ රුපියල් 3.80ට සාපේක්ෂව ශත 10ක අඩු වීමකි. එහෙත් හික්කඩුව බීච් රිසෝට් පීල්සී සමාගමෙහි කොටසක වටිනාකම අද දිනයේදී රුපියල් 6.70ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ශත 10ක ඉහළ යාමක් විය.

Visits: 440

Leave a Reply

Your email address will not be published. Required fields are marked *