කොමර්ෂල් බැංකුවේ ඇන්ඩ්‍රොයිඩ් POS ඒකක, යුනියන්පේ ස්පර්ශයෙන් තොර ගෙවීම් පිළිගනී

කොමර්ෂල් බැංකුවවේ පොයින්ට් ඔෆ් සේල් (POS) උපාංග, යුනියන්පේ කාඞ්පත්වල භාවිත කරන ‘ආසන්න ගෙවීම් සන්නිවේදන’ (NFC) තාක්ෂණය වන ‘QuickPass’ හරහා ස්පර්ශයෙන් තොර ගෙවීම් පිළිගැනීම සඳහා සක‍්‍රීය කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර සිටියි.

මෙම සංවර්ධනයත් සමඟ, NFC-සක‍්‍රිය කළ යුනියන්පේ කාඞ්පත් සහ ‘මොබයිල් ක්වික්පාස්’ සමඟ සම්බන්ධ වූ යුනියන් කාඞ්පත් හිමියන්ට ‘කොම්බෑංක් ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් POS’ ඇති  ඕනෑම වෙළෙන්දෙකු වෙත පහසු සහ ආරක්ෂිත ස්පර්ශයෙන් තොර ගෙවීම් සිදු කළ හැකි අතර රුපියල් 7,500ට අඩු මිල දී ගැනීම් සඳහා PIN එකක් හෝ අත්සනක් අවශ්‍ය නොවන බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුව, මෙරට ප‍්‍රමුඛතම ඇන්ඩ්‍රොයිඞ් POS උපාංග සපයන්නෙක් වන අතර ශ‍්‍රී ලංකාවේ එකම ‘යුනියන්පේ’ කාඞ්පත් නිකුත් කරන්නා ද වේ. බැංකුවේ POS උපාංග, යුනියන්පේ සහ අනෙකුත් කාඞ්පත් ජාල මෙන්ම QR‍ මත පදනම් වූ පසුම්බි ගෙවීම් ක‍්‍රමය ඇතුළුව ලෝකයේ සියලූ ප‍්‍රමුඛතම කාඞ්පත් සන්නාම හරහා ගනුදෙනු සිදු කිරීමට ඉඩ සලසයි.

මෙරට ඇති වඩාත්ම දියුණු ඇන්ඩ්‍රොයිඞ් POS උපාංගය ලෙස ස්ථානගත වී ඇති කොමර්ෂල් බැංකුව විසින් වෙළඳුන්ට නිකුත් කරන ලද ‘ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් POS’, ශ‍්‍රී ලංකාවේ පවතින වැඩිම විකල්ප ගෙවීම් ක‍්‍රම සංඛ්‍යාවකට පහසුකම් සපයයි. එය LANKAQR, යුනියන්පේ QR සහ අනෙකුත් කාඞ්පත්වල QR මත පදනම් වූ ගෙවීම් සඳහා ද යෝග්‍ය වේ. කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් මගින් පුළුල් පරාසයක විහිදුණු ප‍්‍රවර්ධනයන් වසර පුරා සිදුකරයි.

බැංකුවේ මැක්ස් ලෝයල්ටි රිවෝර්ඞ්ස් වැඩසටහන යටතේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් යන දෙපාර්ශවයටම ලෝයල්ටි ප‍්‍රතිලාභ ලබාදුන් මෙරට පළමු බැංකුව කොමර්ෂල් බැංකුවයි. මීට පෙර සාම්ප‍්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා පමණක් ලබාදුන් ප‍්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඞ්පත් සඳහාද ලබාදුන් පුරෝගාමී බැංකුවක් ලෙසද කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.   

Visits: 57