ආයෝජනයක් ලබාගන්න Business Model එකක් හදන්නේ කොහොමද? වැඩසටහන හෙට නොමිලේ

Ceylon Entrepreneurs’ Club මගින් සංවිධානය කරනු ලබන මීළග සාකච්ඡාමය වැඩසටහන හෙට පස්වරු .6.30ට පැවැත්වෙන බව එම සංවිධානය පවසයි.

මෙවර වැඩසටහන මගින් ආයෝජනයක් ලබා ගැනීම සඳහා Business Model එකක් සාදන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. මෙය ආයෝජකයන්ද සම්බන්ධ කරගනිමින් පැවැත්වෙන වැඩසටහනක් බව සඳහන් වෙයි.

විශේෂයෙන්ම ව්‍යපාරයකට දේශීය ආයෝජකයන්ගෙන් හෝ විදේශීය ආයෝජකයන්ගෙන් යම් ආයෝජනයක් ලබා ගත හැකි ආකාරයට නිවැරදිව ව්‍යාපාර මොඩලයක් (Business Model) එකක් සෑදීමේ සිට එය ආයෝජකයන්ට ඉදිරිපත් කර ඔවුන්ට එය පැහිදිලි කිරිම සිදු කරන්නේ කෙසේද යන්න සවිස්තරාත්මකව කොටස් කීපයක් යටතේ මෙම වැඩසටහනේ සාකච්ඡා කෙරෙන බව Ceylon Entrepreneurs’ Club පවසයි.

හෙට (2021 නොවැම්බර් 06) ප.ව.6.30-ප.ව.8.30 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන වෙත නොමිලේම සම්බන්ධ විය හැකිය.

මෙහි සම්පත් දායකත්වය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, කළමනාකරණ හා වාණිජවිද්‍යා පීඨයේ, ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයෙහි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, චන්න ගජනායක මහතා විසින් සිදු කරයි.

මෙම වැඩසටහනේදී ව්‍යාපාර මොඩලයක් සංවර්ධනය සහ වලංගුකරණය (Business Model Development and Validation), අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම (Document Submission), ඉදිරිපත් කිරීමේ උපක්‍රම (Pitching Tactics) යනාදිය සාකච්ඡා කෙරේ.

එසේම වැඩසටහනට සහභාගී වන ආයෝජකයන් විසින් ඔවුන් ආයෝජනයට කැමැත්තක් දක්වන ක්ෂේත්‍ර හා ව්‍යාපාරිකයන් ලෙස ඔබට වැදගත් අනෙකුත් විස්තර ලබා දීමත් සිදු වෙනු ඇතැයි සංවිධායකයන් පවසයි.

YouTube Live මගින් සම්බන්ධ වීමට https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg පිවිසිය හැකිය.

Zoom මගින් සම්බන්ධ වීමට https://us02web.zoom.us/j/88408731446… වෙත පිවිස Meeting ID: 884 0873 1446 සහ Passcode: 953739 යොදා ඇතුළුවිය හැකිය.

මේ අතර ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා 070 50 222 50 අංකයට ඔබේ නම WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන ලෙසත් Ceylon Entrepreneurs’ Club මතක් කර සිටියි.

Visits: 122